ණයට කා ‍ගෙදර ගිය මහින්දගේ ආණ්ඩුව – සිරි‍සේන රාජපක්ෂ

පසුගිය සති‍යේ දි‍නෙක ජනාධිපතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණි. ඒ මහින්ද රාපක්ෂ මහතා‍ගේ ආණ්ඩුව සම‍යේ ‍නො‍ගෙවා ඇති රුපියල් මිලියන 4,400ක මුදලක් පියවීමර අවසර ඉල්ලමිනි. එම මුදල වනාහි රාජපක්ෂ ආණ්ඩු සම‍යේ දී රාජ්‍ය ආයතන වලට, ‍පෞද්ගලික ආයතන වලට හා පුද්ගලයනට ‍ගෙවීමට ඇති මුදලකි.

ඒ අතරවාර‍යේ ‍පො‍හොට්ටු පක්ෂය කියන්‍නේ වත්මන් ආණ්ඩුව ර‍ටේ ආර්ථිකය විනාශ කළ බවයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට ‍පෙර රට ආර්ථික වශ‍යෙන් සංතෘප්තව තිබුණා විය යුතුය. එ‍සේ සාරවත් ආර්ථිකයක් තිබු‍ණේ නම් තමන්‍ගේ කාලයේ මිලියන 4,400ක් වත්මන් ආණ්ඩුවට ඉතිරිකර ගි‍යේ මන්ද යන ගැටලුව මතු‍වේ. ඒ අනුව බලන කල මහින්ද‍ගේ ආණ්ඩුව යනු ණයට කා ‍ගෙදර ගිය ආණ්ඩුවකි.

ඉහත මිලියන 4,400ක මුදලින් ජනාධිපති ‍‍ලේකම් කාර්යාලයට ආනයනය කළ භාණ්ඩ සඳහා ශ්‍රී ලංකා රේගුවට මිලියන 2000ක් ද, ජනාධිපති ‍ලේකම් කාර්යාලය ‍වෙතින් රුපියල් මිලියන 113ක මුදලක් ශ්‍රී ලංකා එයාර් ලයින් ‍වෙතද ‍ගෙවන්නට ඇති බව කියැ‍වේ.‍‍

පුදුමයට කරුණ නම් එය ‍නො‍වේ. කාල්ටන් නිවෙසේ පැවැත්වුණු විවිධ උත්සව සඳහා වැය වූ මුදල් ‍‍ලෙස ගංගා ‍කේටරින් ‍සේවයට රුපියල් මිලියන 10ක්, විවිධ පාරි‍‍භෝගික ද්‍රව්‍ය ‍ටෙන්ට් සහ තාවකාලික ආවරණ සඳහා ‍පේමසිරි ස්‍ටෝර්ස් ‍වෙත රුපියල් මිලියන 10ක මුදලක් ‍ගෙවීමට ඇති බව ද කැබිනට් පත්‍රිකා‍වේ සඳහන්ව ඇති බව පැව‍සේ.

කාල්ටන් යනු රජ‍යේ කාර්යාලයක්, ජනාධිපති කාර්යාලයක්, ජනාධිපති නිල නිවසක් ‍නො‍වේ. හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂනායක සහ ‍පො‍හොට්ටු පක්ෂ‍යේ නායක සහ එම පක්ෂ‍යේ ආනාගත අගමැතිදුර අ‍පේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා‍ගේ නි‍වෙසයි. ‍පෞද්ගලික නි‍වෙසක උත්සව සඳහා ‍කේටරින් ‍සේවයක ආණ්ඩු‍වේ වියදමින් වියදම් කිරීම අනුමත කළ හැකි ‍‍නොවේ. වි‍ශේෂ‍යෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කාල්ටන් නි‍වෙසේ පදිංචිව සිටි‍යේ ද නැත. ඔහු පදිංචිව සිටි‍යේ අගමැතිවරයාට නිල වශ‍යෙන් හිමි අරලියගහ මන්දිර‍යේය. ඒ අනුව කාල්ටන් නි‍වෙ‍සේ ආහාර පාන සඳහා රුපියල් මිලියන 10ක් වැය කර ඇත්‍තේ අරලියගහ මන්දිර‍යේ වියදම් වලට අමතරවය.

ඊට අමතරව විවිධ පාරි‍භෝගික ද්‍රව්‍ය ‍ටෙන්ට් සහ තාවකාලික ආවරණ සඳහා ‍පේමසිරි ස්‍ටෝර්ස් සඳහා රුපියල් මිලියන 10කුත් ‍ගෙවන්නට ඇති බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් ‍වේ. ‍ටෙන්ට් සහ තාවකාලික ආවරණ වලට වියදම් කරන්නට කාල්ටන් නි‍වෙ‍සේ එකල සරණාගත කඳවුරක් ‍හෝ අවතැන් කඳවුරක් ‍හෝ පවත්වා‍ගෙන ගිය බවක් අප දන්‍නේ නැත. ඉහත කරුණු අනුව ‍පෙ‍නෙන්‍නේ කාල්ටන් නිවෙසේ  කාබී සාද කරන්නට ජනතාව‍ගේ මුදල්, රාජපක්ෂ ආණ්ඩු කාලයේ කාබාසිනියා කර අති බවය. අ‍නෙක් අතට ‍මේ ‍නො‍ගෙවු මුදල් ය. ‍නොගෙවු මුදල් මෙ‍තෙක් නම් ‍ගෙවු  මුදල් ‍කොපමණ විය හැකිද? ඊටත් වඩා පුදුමයට කරුණ නම් වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපති‍ගේ පවු ‍සේදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමය. මෙකී ණය මුදලින් ඇතැම් ‍කොටසක් 2006 තරම් පැරණි බව ද කියැ‍වේ. ඒ අනුව ‍පෙනෙන්‍නේ තමන්‍ගේ කාල‍යේ රටේ සංවර්ධනය ගැන සහ ආර්ථිකවර්ධනය, ආර්ථික ශක්තිය ගැන පම්‍පෝරි ගහන රාජපක්ෂලා ‍‍ගේ ආණ්ඩුවට තමන්‍ගේ ‍ලොක්කා‍ගේ ‍ගෙදර වියදම්වත්  වියදම්වත් පියවා ගන්නට හැකියාවක් තිබී නැති බවය.

ගෝඨාභය රාජපක්ෂ මහතාත්, මහින්ද රාජපක්ෂ මහතාත් ‍මේ දිනවල ර‍ටේ මූල්‍ය විනය සහ විනය සම්බන්ධව ‍බො‍හෝ කතා කරමින් යති. ‍පො‍හොට්ටු හිතවාදීන් පමණක් ‍නොව ඇතැම් භික්ෂූන් සහ ‍වෙනත් ආගමික ඇතැම් පූජකකාරකාදින් ද ඔවුන්‍ගේ එම කතාවලට හිස නමා සාධු! කියනු ද, ආ‍මේන් කියනු ද ඇ‍සේ.

ඒ අතර ඉහත ගෙවීම් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ද පවතී. හේතුව එම වියදම් නියමිත ‍ටෙන්ඩර් පරිපාටියක අනුව සිදුකර ‍නොතිබීමය. අ‍නෙක එම වියදම් සඳහා කිසිදු විශ්‍ලේෂණයක් ‍නොතිබීමය. මුල්‍ය විනය ගැන අද කතාකරන ‍පෙ‍හොට්ටු පක්ෂය එදා බලයේ සිටි සම‍යේ විටදම් ඒ ආකාරය.

කතාව එතැනින් නතර වන්‍නේ නැත. ඉහත කාලය සඳහාම ජනාධිපති ‍‍ලේකම් කාර්යාල‍යේ භාවිත සඳහා ‍පෞදද්ගලික ලීසිං ආයතනයකින් ලබාගත් වාහන 78 ක් සඳහා රුපියල් මිලියන 1,500ක් ගෙවීමට ඇති බවද ඉහත කැබිනට් පත්‍රිකා‍වේ සඳහන් ව ති‍‍බේ. වාහන 78 ‍ටෙන්ඩර් පටිපාටි‍යෙන් ‍තොරව ලීසිං ආයතනයකින් ලබා‍ගෙන ඇත්‍‍තේ ඔවුන්ගේ මූල්‍ය විනය නිසාද? නැති නම් ඥාති සංග්‍රහය සඳහාද යන්න ජනතාව කල්පනා කළ යුතුය.

කැලය මාරු වුවාට ‍කොටියා‍ගේ පුල්ලි මාරු ‍නොවන බවට කතාවක් ති‍බේ. නැවතත් ජනතාවගෙන් බලය ඉල්ලන්‍නේ  තමන්‍ගේ පාලන කාලයේ ‍මේ ආකාරයෙන් හැසිරුණු රාජපක්ෂවරුන්ය.

එකල රාජපක්ෂවරුන් යටතේ සිදු වු ඇතැම් වංචා, අපරාධ, දූෂණ ක්‍රියා, සාගර‍‍යේ පාවෙන හිම කුට්ටි බඳුය. පෙ‍නෙන තරමට වඩා ‍නො‍පෙ‍නෙන තරම විශාලය. ‍හෙවත් දිය මතුපිට ඇති ‍කොටසට වඩා විශාල ‍කොටසක් දිය යට ති‍බේ. ගැටලුව ඇත්‍තේ යහපාලන ආණ්ඩුව එම අපරාධ ‍හෙළිකර ‍නොගැනීම සහ දඬුවම් ‍නොදීමය. ‍හොරුන්ට සුදුවතින් සැරසී ජනතාව රැවටීමට ඉඩ ලැබී ඇත්‍තේ ඒ නිසාය.

සිරි‍සේන රාජපක්ෂ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *