රනිල් අයින්කරන්න කාටවත් අවශ්‍ය නැහැ ; සජිත් ඕනෑ ඡන්දය දිනන්නයි – අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට කිසි‍‍‍වකුට අවශ්‍ය නැති බවත් සජිත් ‍ප්‍මෙදාස මහතා ඉල්ලන්‍නේ ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා පමණක් බවත් ආර්ථික ප්‍රතිස්ංස්කරණය පිළිබඳ කැබිනට් ‍‍නොවන ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ ක‍‍‍‍ළේය. සජිත් ‍‍‍‍පේමදාස මහතාට ස‍හ‍‍යෝගය ‍‍‍දෙන එජාප මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍ය නැති බවත් ඒ ‍‍‍වෙනුවට අවශ්‍යව ති‍‍‍බෙන්නේ රට ඉදිරියට ‍‍ගෙනයා‍මේ හැකියාව හා පිළිගැනීම ඇති කණ්ඩායමක් නිර්මාණය කර ගැනීම බව ද ඇමතිවරයා පැවසීය.

මාධ්‍ය‍‍වේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හර්ෂ ද සිල්වා මහතා කී‍වේ රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් සම්භාරයක් සහ ඉදිරි දැක්මක් ඇති නායකයකු බවත් තීරණාත්මක අවස්ථාවල පක්ෂය ආරක්ෂකර ඉදිරියට ‍නෙයාමට කටයුතු කළ බවත්ය. ‍‍කෙසේ ‍‍‍වෙතත් මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා අලුත් අ‍‍පේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ පක්ෂය තුළ ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

අගමැතිතුමා ඉවත් කරන්න කාටවත් ඕනෑ නෑ. ඒක කිසිවි‍‍‍ටෙක ‍‍වෙන්නේ නෑ. ‍‍මේක ජයග්‍රහණය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. රට ‍‍‍වෙනුවෙන් අපි දිනන්න ඕ‍නෙ. රටේ සාමයත් සමෘද්ධියත් ඇති‍‍වෙන්නේ එත‍‍කොටයි. ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *