ආනයනික කිරිපිටිවල ඌරු තෙල් කතාව බොරුවක් – පාරිභෝගික සේවා අධිකාරියේ පරීක්ෂණයකින් හෙළිවෙයි
නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවටත්, ඒවා කිරිපිටි නොවන වෙනත් නිෂ්පාදනයක් බවටත් පසුගිය කාලයේ ගෙනගිය ප්‍රචාර අසත්‍ය බව පාරිභෝගික සේවා අධිකාරිය මගින් ජර්මන් සමාගමක් ලවා සිදුකරන ලද පරීක්ෂණය මගිනි තහවුරු වී ඇති බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. ආනයනික කිරිපිටිවල ගුණාත්මක බව මෙම පරීක්ෂණ මගිනි තහවුරු වී ඇත.
පාරිභෝ ගික සේවා අධිකාරිය කරන ලද මෙම පරීක්ෂණයේ වාර්තාව පසුගිය දා ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. මෙම ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ හඬ නැගූ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මෙම අවස්ථාවට සහභාගි වීය.
දැන් මෙම වාර්තාව පාරිලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කතානායකතුමා වෙත බාරදී ඇත. එය පාර්ලිමේන්තුවේ සභාගත කළ පසුව වෙනත් පාර්ශව වෙත ලබාදිය හැකි බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
