ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ව්‍යවස්ථා විප්ලවයක් !

දිගු කාලයක් තිස්සේ මෙරට ජනතාව ඉල්ලාසිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කීරීම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ විධිවිධාන නොතකා අති විශේෂ පනතක් මගින් සිදුකිරීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්කිරීමට ආණ්ඩුව තීරණය කළ බව සරත් අමුණුගම ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ .

ව්‍යවස්ථා විප්ලවයක් ලෙස හදුන්වන මෙම ක්‍රමය අනුගමනය කළ විට ජනමත විචාරණයකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ හැකිය .එහිදී අවශ්‍ය වන්නේ අදාල කරුණා සදහා අඩුතරමින් අවස්ථා දෙකකදී ජනතා අනුමැතිය ලැබී තිබීම බව ව්‍යවස්ථා විශාරදයෝ කියති . විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට 1994 සිට සියලුම මැතිවරණ වලදී ජනතා අනුමැතිය ලැබී ඇති නිසා ව්‍යවස්ථා සභාවක අනුමැතිය මගින් එය කළ හැකි බව කියති .

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන ලද්දේ මෙබදු ව්‍යවස්ථා සභාවක් මගිනි . ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොළඹ නව රග හලේදී රැස්කරනු ලැබීය . එම නව රග හල දැන් රාජකීය විද්‍යාලයේ රංග ශාලාව බවට පත්ව ඇත .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අරමුණ වී ඇත්තේ අපවත් වූ සෝභිත හිමිගේ තෙමස් සමරු පින්කමට පෙර මෙම ව්‍යවස්ථා විප්ලවය නිම කිරීමයි . සෝභිත හිමිට දක්වන ඉහළම ගෞරවය එය බව ජනාධිපතිවරයාගේ මතය වී ඇතැයි කියති .

රජයෙන් ප්‍රශ්න කළ විදේශ රටවල් පවසා ඇත්තේ තම සමාගම් මෙම ආයුධ තබාගත්තේ නීත්‍යනුකුලව බව හා ඒවා පාවෙන අවි ගබඩාවට භාර දුන්නේ නීත්‍යානුකුල ගිවිසුම් යටතේ බවයි . රජයෙන් ද අවසර ලබාදී තිබූ මෙම අවි ගබඩාවේ අවි හදිසියේ අත් අඩංගුවට ගැනීමේ නීතිමය පදනම පිලිබදව අදාල රටවල් ප්‍රශ්න කරන බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *