ශිරාල්, මෛත්‍රි ගේම සාර්ථකයි. එජාපයේ ගැටුම්; සන්ධානය අවුල්; එජාප නායකයෝ ගොඩඑන මං සොයති
ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිරස හා කිලී මහාරාජා, ටිරාන් අලස් ආදින් විසින් එජාපය භේද කිරීම සදහා ගෙන ගිය සංවිධානාත්මක ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වී ඇත. පක්ෂය තුළ පිල් බෙදීමක් හටගෙන ඇති අතර ප්රජාතන්ත්රවාදී සංධානය සෑදීමේ ක්‍රියාවලිය ද අවුල් වී ඇත. සන්ධානය සෑදීමට මූලිකත්වය ගත් පිරිසට එජාප කණ්ඩායමක් විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා එම පිරිසද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ. මේ අතර බාහිර බලවේග අතරෙන් ඇති කර තිබන මෙම අවුල නිරවුල් කර ගැනීමට එජාප නායකයන් දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටිනි.
“එජාපයෙන් රනිල් දාන්න එපා. තරුණ අපේක්ෂකයකු දාන්න. අපි සහය දෙන්නම්” කියමින් එජාප මැති ඇමතිවරුන් මුල සිටම මෙම ගැටුමට මෙහෙයවන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසිනි. සිරස මාධ්‍ය ජාලය එම සැලැස්ම එළිපිටම ක්‍රියාත්මක කළේය. ජනාධිපතිවරයා මෙම පිරිසට ඒත්තු ගැනුවූයේ ශ්‍රි ලං.නි.ප.යේ සහය ලැබෙන විට ස්ථිර ලෙස ජයගත හැකි බවයි. කෙසේ වෙතත් මේ වනවිට එම පක්ෂයේ බහුතරය පොහොට්ටුවට එක්වී ඇති අතර තවත් පිරිසක් එජාප සන්ධානයට එක්වීමට සූදානමින් සිටිති.
කෙසේ වෙතත් ගැටුම් සමනය කරගෙන යම් එකඟතාවක් යටතේ ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා එජාප නායකයෝ දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටිති. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, කබීර් හෂීම්, අකිල විරාජ් කාරියවසම් ආදීහු මෙම සාකච්ඡාවලට සහභාගි වෙති. එක්සත් ජාතික පෙරමුණේ සිටින පක්ෂ මෙන්ම සන්ධානය ලෙස එක්වන පිරිසද සමග මෙම සාකච්ඡා පැවැත්වෙයි.
පෞද්ගලික න්‍යාය පත්‍රවලින් තොරව යම් පොදු වැඩපිළිවෙළක් යටතේ කණ්ඩායමක් ලෙස ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දිය යුතු බවට එකඟත්වයක් නායකයන් අතර මේ වනවිට අති වී තිබෙන බව කියති. මෙම සෙනසුරාදා තවත් තීරණාත්මක සාකච්ඡාවක් යොදාගෙන තිබේ.
කෙසේ වෙතත් මෛත්‍රි, ශිරාල් කණ්ඩායමේ වැඩපිළිවෙල නිසා මේ වනවිට එජාප මැතිවරණ ව්‍යාපාරයට සැලකියයුතු හානියක් සිදු වී ඇති බව බොහෝදෙනාගේ පිළිගැනීමයි.
