ගොටාභය දැම්මට මෛත්‍රී කේන්තියෙන් ; මහින්දට, අනෙක් අයට විනය පියවර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගොටාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග කේන්තියෙන් තම මහලේකම් දයාසිරි ජයසේකර මහතා ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටු සම්මේලනයට ගිය සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දුන් බව වාර්තා වෙයි . පොහොට්ටු පක්ෂයේ සභාපති ධුරය භාරගත් මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම පක්ෂ තීරණය නොතකා එම සමුළුවට සහභාගී වූ මන්ත්‍රීවරුන්ට ද එරෙහිව මෙම විනය පියවර ගැනීම ක්‍රියාත්මක වනු ඇත .
එම සියලු දෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට ද මේ අනුව හැකියාව ඇතැයි කියති .
