ගොටාභය ජයගත්තොත් ජනතාවට ඇමෙරිකන් ආර්යාවක් !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබූ ගොටාභය රාජපක්ෂ මහතා යම් හෙයකින් ජනාධිපතිවරණය ජය ගතහොත් ශ්රී ලාංකිකයන්ට ඇමෙරිකන් ජාතික ජනාධිපති අර්යාවක් හිමිවනු ඇත . එසේ වුවහොත් ඇය හදුන්වනු ඇත්තේ අනෝමා රාජපක්ෂ (ලෝමා ) ආර්යාව වශයෙනි . ඇය තවමත් ඇමෙරිකානු පුරවැසි කාන්තාවකි . ජනාධිපති වෙන්න ගෝටා වාසනාවන්ත වුවහොත් අනෝමා ආර්යාවට මෙරට නොයෙක් සමිති සමාගම් වල තනතුරු ලැබීමේ වාසනාව හිමිවෙයි . අනෝමා නොහොත් ලෝමා ලෙස හැදින්වෙන ඇය මේ වනවිට ඇමෙරිකාවේ , කැලිපෝනියා රාජ්ජයේ සන් දියාස් හි විච්ක්හම් වීදියේ පදිංචිව සිටියි .
එම ජනාධිපතිට ඇමෙරිකන් ජාතික පුතෙකු ද සිටිනු ඇත . ඔහු හැදින්වෙනු ඇත්තේ මහෝජ් රාජපක්ෂ කුමරු නැතහොත් මනෝජ් බේබි වශයෙනි . ඔහු කාර් රේස් පදිනු ඇත්ද , ගුවන් යානා පදවයිද , ගගනගමියකු වනු ඇද්දැයි කිව නොහැකිය . ඊළග ජනාධිපති හෝ අගමැති වන්නට ඉව අල්ලන්නටද බැරි නැත . වැඩ සිද්ද වන්නේ එහෙමය .
ගොටාභය රාජපක්ෂ මහතා නම් ඇමෙරිකන් පුරවැසි බව ඉවත් කරගත් බව කීවද එයද තවම තහවුරු කොට නැත .
