මිලේනියම් ව්‍යාපෘතිය යටතේ කිසිම ඉඩමක් දේපළක් ඇමරිකාව ගන්නේ නෑ – ඇමරිකානු තානාපතිනිය
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතිය යටතේ කිසිම ඉඩමක්, දේපළක් හෝ වෙනත් යමක් ඇමෙරිකාව ලබාගන්නේ නැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ටින්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ පැවැති සාකච්ඡාවක දී එතුමිය ප්‍රකාශ කළේ මේ යටතේ සිදුවන සියලු ව්‍යාපෘතිවල අයිතිය, පාලනය, කළමනාකාරණය ආදි සියල්ල හිමිවන්නේ ශ්‍රී ලංකාවට බවයි.
ඇමරිකාව මිලේනියම් චැලේන්ජ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ දුප්පත් රටවලට අධාර කිරීමේ වැඩ පිළිවෙලක් වශයෙන් බව කී තානාපතිනිය කිසිදු ව්‍යාපාරික අරමුණක් එහි නැති බව පැහැදිලි කළාය. මේ යටතේ ඇමරිකාව ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් මිලියන 480ක මුදල පරිත්‍යාගයක් මිස ණයක් නොවන බවත් එය තමන් දෙන ත්‍යාගයක් බවත් ඇය කීවාය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බාදා වී ඇති ඉඩම් කළමනාකරණය හා ගමනාගමන කළමනාකරණ ගැටලු ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල හා අනෙකුත් ආයතන වලින් හදුනාගෙන ඇති බවත් එම ගැටලු වලට විසඳුම් ලබාදීමට අධාර කිරීම පමණක් මෙම ව්‍යාපෘති මගින් සිදුවනු ඇති බවත් ඇමරිකානු තානාපතිනිය වැඩිදුරටත් පැහැදිලි කළාය.
