ගුවන් තොටුපළ තුනක් විදෙස් ගමන් සඳහා විවෘත වේ

තවත් ගුවන්තොටුපළ තුනක් විදෙස් ගමන් සඳහා විවෘත කිරීමට රජය තීරණය කොට ඇත. කලාපීය ගුවන් සඳහා මෙලෙස විවෘත වන්නේ රත්මලාන, පලාලි හා මඩකලපුව ගුවන් තොටුපළ තුනයි.

මෙම නව ගුවන් තොටුපළ තුනෙන් විදෙස් ගතවන හා ආපසු පැමිණෙන අයගේ පහසුව පිණිස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හා රේගුවේ කාර්යාල එම ගුවන්තොටුපළ වල පිහිටවනු ඇත.

රත්මලාන ගුවන් තොටුපළ ප්‍රධාන වශයෙන් විදේශීය පෞද්ගලික ගුවන් යානා සඳහා විවෘත කිරීමට අදහස් කොට ඇත.

මීට අමතරව සියලු ගුවන් තොටුපල වලින් අභ්‍යන්තර ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *