පළාත් සභා ගැන වදවෙන්න එපා – ජනතාවට ඕනෑ ජනාධිපතිවරණයයි – අගමැති , විපක්ෂ නායක , කතානායක මැකෝ සභාපතිට කියති
ජනාධිපතිවරනයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සහ දැරීම අවශ්‍ය නැති බවත් ජනතාවට දැන් අවශ්‍යව ඇත්තේ ජනාධිපතිවරණය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා කතානායක කරු ජයසුරිය යන තිදෙනාම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පසුගිය සතියේ පවසා ඇත .
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අගමැති හා කතානායක හමු වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා තම අදහස ප්‍රකාශ කළ අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ මේ පිළිබඳව විපක්ෂ නායක වරයාගේද අදහස් ලබාගැනීම වැදගත් බවයි . ඒ අනුව අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා අතර සාකච්චාවේදීද තීරණය වී ඇත්තේ ජනාධිපතිවරණයට ප්‍රමුකත්වය දියයුතු බවයි . ඒ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දී තිබේ .
පළාත් සභා මැතිවරණය කලින් පැවැත්විය නොහැකි වුවොත් තමා ඉල්ලා අස්වන බව මැතිවරණ කොමිසමේ සභාපති කියා තිබුනද එසේ නොකරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගෙන් ඉල්ලීමක් කොට ඇත .
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා ජනාධිපති නියෝගයක් ලබාගැනීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවී සාකච්චා කළේය .
