ආගමික අන්තවාදය පෝෂණය කලේ ගෝඨාභය රාජපක්ෂයි – චමීර පෙරේරා

ඉස්ලාම් අන්තවාදය හා බෞද්ධ අන්තවාදය පමණක් නොව ක්‍රිස්තියානි මූලධර්මවාදය ඇති කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇතැයි ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය. චමීර පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

ඉස්ලාම් අන්තවාදයට සහය දෙන අතරේ බොදු බල සේනා වැනි බෞද්ධ අන්තවාදී සංවිධාන සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහය දී ඇති බව කියා සිටි චමීර පෙරේරා මහතා පැවසුවේ කතෝලික මූලධර්මවාදී සියොන් දේවස්ථාන 30ක් මඩකලපුව ප්‍රදේශයේ ඉදිකිරිම සඳහා අනුග්‍රහය ලබා දී ඇති බවත් බුදුරජාණන් වහන්සේ මිනි මස් කැ බව කියන රාසික් නමැති පුද්ගලයාට එවක රජයෙන් වැටුප් පවා ගෙවා ඇති බවත්ය .

https://www.facebook.com/yukthiyalk/videos/410484626461606/.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *