ගායක අමල් පෙරේරා ඇතුළු 6ක් කටුනායක දී අත්අඩංගුවට
පාතාලයේ ගෝඩ් ෆාදර් නමින් ප්‍රකට මාකඳුරේ මධූෂ් විසින් ඩුබාහි තරු හයේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගි වී සිටිය දී ඩුබාහි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පිරිස අතරින් විටින් විට කිහිප දෙනෙක් මීට පෙර නිදහස් කර ලංකාවට පිටුවවහල් කරනු ලැබීය.
ඊයේ පාන්දර අමල් පෙරේරා ඇතුළු 6 දෙනෙක් ලංකාවට පිටුවහල් කරනු ලැබූ අතර, ඔවුන් අද අළුයම 05 ට පමණ යූ.එල්.226 යානයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට පැමිණි අතර ආරක්ෂක අංශ විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අමල් පෙරේරා ඇතුළු 6 දෙනාගෙන් ප්‍රශ්න කරමින් සිටියි. අමල් පෙරේරා වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
බිනර
