ගොටගේ පුරවැසිභාවය අයින් කරගන්න මාස දෙකක්වත් යනවලු

ගොටාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සදහා අවශ්‍ය අවසන් ලියවිලි ලෙස ඇමෙරිකානු ගමන් බලපත්‍රය සහ පුරවසිභාවයෙන් ඉවත්වීමේ ප්‍රකාශය පසුගිය 18දා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාර දුන්නද එහි කටයුතු අවසන් කොට පුරවැසිභාවයෙන් ඉවත්වීමේ සහතිකය ලබාදීමට අඩු තරමින් මාස දෙකක් ගතවන බව තතුදත් දේශපාලන ආරංචිමාර්ග කියයි . මාස දෙකකින් පුරවැසිභාවය ඉවත්කර ගැනීමට හැකිවන්නේ ඒ සදහා කිසිදු බාධාවක් නැති ඇමෙරිකානු බලධාරීන් තීරණය කළහොත්ය . එසේ නැතහොත් ඒ සදහා තව කලක් ගතවනු ඇත .

පුරවැසිභාවය අවසන් කරගැනීමේ කටයුතු සදහා ගොටාභය රාජපක්ෂ මහතා පසුගියදා ඇමෙරිකාවට ගියද සියලු ලිපි ලේඛණ භාරදිය නොහැකි වුයේ ඇමෙරිකානු ගමන් බලපත්‍රයද භාරදිය යුතු බව දැනුම්දුන් හෙයිනි . ඇමෙරිකාවේදී ගමන් බලපත්‍රය භාරදුන්නේ නම් ගොටාභය රාජපක්ෂ මහතාට 12දා මෙරටට නැවත පැමිණීම ප්‍රශ්නයක් වෙයි . එබැවින් මෙරටට පැමිණි පසුව 18 වනදා අවසන් ලියවිලි ලෙස ගමන් බල පත්‍රය භාරදී අනිකුත් ලියවිලි වලට අත්සන් තබා ඇත .

දැන් එම ලියවිලි ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවේ , මධ්‍යම පරීක්ෂණ බියුරෝවේ (FBI), අදායම් දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පරීක්ෂාවට ලක්කොට අනුමැතිය ලබාදිය යුතුය . පුරවැසිභාවය ඉවත්කිරීමේ අවසන් සහතිකය නිකුත් කරනු ලබන්නේ ඉන් පසුවය .

මේ වනවිට ගොටාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ නඩු දෙකක් පවරා තිබියදී එරට අධිකරණ දෙපාර්තමේන්තුව ඉක්මනින් අනුමැතිය ලබාදීම සැක සහිත බව කියති .

මේ අතර ගොටාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ඉවත් කරගෙන ඔහුට ජනාධිපතිවරණ නාමයෝජනා භාර දීමට ඉඩ නොලැබෙන ලෙස හදිසි ජනාධිපතිවරණයක් කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදානම් වන බවට බොහෝ තොරතුරු ලැබෙමින් පවතියි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *