ජනපතිවරණය ගැන තව ඉගියක් – ජනාධිපති නීතිඥවරු 21ක් හදිසියේ පත් කෙරෙති

ජනාධිපති නීතිඥවරු 21ක් හදිසියේ පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා කටයුතු කළ අතර සාමාන්‍ය සම්ප්‍රධායෙන් බැහැරව මෙම පතිකිරිම කළේ ජනාධිපතිවරණයට සුදානම් වීමක් ලෙස බවට ආරංචි පැතිරෙමින් තිබේ .

සාමාන්‍යයෙන් ජනාධිපති නීතිඥයන්  පත් කරන්නේ වසරකට වරකි . එය සිදුකරන්නේ වසරේ අවසන් මාස කිහිපයේදීය . ගිය වසරේ අවසානයේ කුමන්ත්‍රණ  ආණ්ඩු සමයේ ජනාධිපති නීතිඥ පිරිසක් පත්කළ අතර ඔවුන් දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි මාසයේදීය . හදිසියේ තවත් පිරිසක් පත්කොට තිබෙන්නේ එසේ තිබියදීය .

මෙම පිරිස පත්කොට ඇත්තේද වෘතිය සුදුසුකම් මත නොව දේශපාලන පක්ෂපාතකම් සලකා බවට චෝදනා නැගී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *