ඇමෙරිකානු යුද නැවු දෙකක් හම්බන්තොට වරායට ; ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක්
ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසයක් සදහා ඇමෙරිකානු යුධ නැවු දෙකක් හම්බන්තොට වරායට පැමිණ ඇත . ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ස්ප්රුආන්චේ (Spruance) සහ මිල්ලිනොච්කෙට් (Millinocket) නවුකා දෙක මෙලෙස පැමිණි අතර ශ්‍රීලංකා නාවුක හමුදා නිලධාරීන් විසින් නාවුක චාරිත්රානුකුලව එම නවුකා හා එහි පැමිණි අමිරිකානු නාවුක හමුදා භට පිරිස පිළිගනු ලැබීය . ඊයේ (18) හම්බන්තොට වරායේදී පිළිගැනීමේ උත්සවය පවත්වනු ලැබීය .
ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් ‘සයුරළ’ හා ‘සමුදුර’ යුද නැවු සමග එක්ව ඇමෙරිකානු යුධ නැවු දෙක ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පවත්වනු ඇත . මෙම යුද අභ්‍යාසය ඇමෙරිකා ශ්‍රී ලංකා යුද සහයෝගිතා ගිවිසුම් යටතේ වාර්ෂිකව පැවත්වෙන්නකි .
ඇමෙරිකානු ස්ප්රුආන්චේ (Spruance) යුද නැව දිගින් මීටර් 155.3ක් වන අතර ටොන් 9580ක ධාරිතාවකින් යුක්තය මිල්ලිනොච්කෙට්(Millinocket) යුද නැව දිගින් මීටර් 103ක් වන අතර එහි ධාරිතාව ටොන් 2362කි .
