ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළොත් පුළුල් පෙරමුණක් සමඟ නව අපේක්ෂකයෙක්..

මේ දිනවල දේශපාලන තලයේ මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා 20වැනි සංශෝධනය සම්බන්ධයෙන්ද විවිධ සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පැවැත්වෙමින් තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා විවිධ සංවිධාන නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ දේශපාලන තත්වයන් පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලයේදීද විශේෂ අවධානයක් යොමුවී තිබුණි. ඒ පසුගිය අඟහරුවාදා දිනයේදී ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී ජවිපෙ නායකයින් හමුවූ අවස්ථාවකදීය. ”20වැනි සංශෝධනය ගැන කතා කරපු හැම දෙනාම කිවුවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ප‍්‍රතිපත්තිමය වශයෙන් එකඟයි කියලා. ටීඑන්ඒ එක මුල ඉඳලම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටිය බව කිවුවා. මහින්දලා කිවුවේ තමන් එක්ක ඉන්න අනෙක් පක්ෂත් එක්ක මේ ගැන කතා කරන්න ඕනෑ කියලා. රනිල් වික‍්‍රමසිංහලා කිව්වෙත් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ සමඟ කතා කරලා තීරණය කියන්නම් කියලා. නමුත් මේ අය කල් ගන්න එක කරන්නේ. 20 මඟහරින්න වෙට්ටු දැමීමක් මේ කරන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. ”සමහරු 20ට ආසයි බයයි. සාකච්ඡුා කරද්දී කැමැති වගේ පෙන්නුවට තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය අවුල් වෙයි කියලා මේක මඟහරිනවා. මේ යන විදියට පාර්ලිමේන්තුවේ 2/3ක් ගන්න එක ලේසි වෙන පාටක් නැහැ. පොරොන්දු වෙච්ච අයත් මේක මඟහරින එකයි ප‍්‍රශ්නේ. සමහරු අපෙන් අහනවා මෛත‍්‍රී එක්ක මේ ගැන කතා කරන්නේ නැද්ද කියලා. ඇත්තටම මෛත‍්‍රී තමයි අපිත් එක්ක කතා කරන්න ඕනෑ. මොකද එයානේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පොරොන්දු දීලා බලයට ආවේ.” ලාල්කාන්ත කියා සිටියේය. ”එත් ඇත්තටම අද පාර්ලිමේන්තුවෙ 2/3 ගැන හිතුවොත් මෛත‍්‍රීට කරන්න පුළුවන් බලපෑමක් නැහැ.” බිමල් රත්නායක පෙන්වා දුන්නේය.

”ව්‍යවස්ථාවට අනුව කොහොමත් මේ අවුරුද්දේ නොවැම්බර් අන්තිම වෙනකොට ජනාධිපතිවරණයක් තියන්න ඕනෑ. ඒ නිසා ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරණයට අවශ්‍ය කටයුතු සූදානම් කරගන්න වෙනවා. රටේ ජනතාවට මේ දෙපැත්තම දැන් එපා වෙලා. ඒ නිසා අපි පුළුල් ජනතා පෙරමුණක් හදන්න ඕනෑ ජනාධිපතිවරණයත් ඉලක්ක කරලා. අපේ රටේ සිවිල් සංවිධාන, බුද්ධිමතුන්, ඇතැම් දේශපාලන නායකයින් ඉන්නවා මේ ක‍්‍රමයට විරුද්ධ. ඒ නිසා සියලූ දෙනා එකතු කරපු මධ්‍යස්ථානයක් හැකි ඉක්මනින් ගොඩනගන්න පියවර ගන්න වෙනවා.” විජිත හේරත් පැහැදිලි කළේය. ”ඔව්, අපි මෙච්චර කාලයක් අපේ නොවන අය සමඟ විවිධ ගිවිසුම් ගහලා ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න පියවර ගත්තා. නමුත් බලයට ආපු හැම කෙනෙක්ම පොරොන්දු කැඩුවා. ඒ නිසා අපි අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනෑ. අපි පුළුල් ජනතා ව්‍යාපාරයක් එක්ක හොඳ සටනක් දෙන්න ඕනෑ.” ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යෝජනා කළේය.

වන විනාශය වළක්වමු… ජාතිවාදය පරදවමු…

විල්පත්තුව අභය භූමිය පිළිබඳව නැවත වටයකින් රට තුළ සාකච්ඡුාවක් මතුව තිබේ. රට පුරා විවිධ ප‍්‍රදේශවල විශාල වශයෙන් වන විනාශයන් සිදුවෙමින් තිබෙන අතර විල්පත්තුව පමණක් මාතෘකාවක් බවට පත්වන්නේ මන්දැයි ඇතැම්හු ප‍්‍රශ්න කරමින් සිටිති. පරිසර අමාත්‍ය ධුරය දරන්නේද රටේ විධායක ජනාධිපතිවරයා වන තත්වයක් තුළදීත් පරිසරය විනාශය වැළැක්වීමට පියවර නොගන්නේ මන්දැයි තවත් අය ප‍්‍රශ්න කරමින් සිටිති. මේ තත්වයන් සම්බන්ධයෙන්ද ජවිපෙ නායකයින්ගේ අවධානය යොමුව තිබේ. ”අලූතෙන් කැලය කපන නිසා විල්පත්තුව ගැන සංවාදයක් මතුවුණා නෙවෙයි. මේ ප‍්‍රශ්නය තිබුණේ මීට අවුරුදු හතරකට පහකටත් කලින්. දැන් මේ සංවාද ආවේ පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විකුණනවා කියලා සංවාදයක් ආපු නිසයි. ඒකටත් නම ගෑවෙන්නේ රිෂාඞ් බදුර්දීන්. විල්පත්තු ප‍්‍රශ්නය ගැන අපි 2014 ඉඳලම ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරනවා. ඒකට හරි විසඳුමක් දෙන්න ආණ්ඩුවට බැරි වුණා.” විජිත හේරත් කීවේය. ”අපි මුල් අවස්ථාවේ ඉඳලම මේ විල්පත්තු ප‍්‍රශ්නයට මැදිහත් වුණා. මමත් අපේ වසන්ත සමරසිංහලා, නාමල් කරුණාරත්නලා 2015 මැයි මාසයේ විල්පත්තු ගියා. ප‍්‍රදේශවාසීන් හමුවුණා. දිස්ත‍්‍රික් ලේකම් ඇතුළු රජයේ වගකිව යුතු නිලධාරීන් හමුවුණා. ඒ වෙලාවෙත් දිස්ත‍්‍රික් ලේකම් කිව්වේ සියලූ කටයුතු නීත්‍යානුකූලව සිදුවෙනවා කියලා. නීති විරෝධී විදියට කැලේ කපන්නේ නැහැ කිවුවා. නමුත් අපි හිටපු ස්ථාවරය තමයි අවතැන් අය පදිංචි කළ යුතුයි වගේම වන විනාශය වළක්වන්න උපරිමයෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි කියන එක. මොකද එක පැත්තක්වත් නොසලකා හරින්න අපිට බැහැ.” ලාල්කාන්ත පැහැදිලි කළේය.

”ආණ්ඩුව මේ ප‍්‍රශ්නයට හරියට මැදිහත් නොවෙන නිසා මේක හිඟන්නගෙ තුවාලය වෙලා තියෙන්නේ. රිෂාඞ් බදුර්දීන් මේ ප‍්‍රශ්නයට වගකිව යුතුයි කියලා ආණ්ඩුව ප‍්‍රශ්නය මඟහරින නිසා මේක දැන් ජාතිවාදී ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. වන විනාශය වළක්වන්න උපරිමයෙන් කටයුතු කරනවා වගේම ජාතිවාදී ප‍්‍රශ්න ඇතිවෙන එක වළක්වන්නත් ඕනෑ. වගකිව යුතු දේශපාලන පක්ෂයක් විදියට අපි මේ ප‍්‍රශ්නයට මැදිහත් වෙන්න ඕනෑ. ප‍්‍රශ්නය නොවිසඳීමේ වගකීම ආණ්ඩුව භාර ගන්න ඕනෑ.” ටිල්වින් සිල්වා ප‍්‍රකාශ කළේය. ”ඇතැම් කරුණු ගැන තොරතුරු හරියට වාර්තා නොවෙන නිසා තමයි මේ ප‍්‍රශ්න මතුවෙලා තිබෙන්නේ. ගොඩක් අය මේ හැම ප‍්‍රශ්නයක්ම බලන්නේ තමන් නියෝජනය කරන දේශපාලන මතය එක්කයි. ඒ නිසා ඇත්ත බොහෝ වෙලාවට එළියට එන්නේ නැහැ. කොහොම නමුත් විල්පත්තු ප‍්‍රශ්නය ගැනත් පුල්මුඬේ ඛනිජ වැලි නිධිය ගැනත් පාර්ලිමේන්තුවේ ප‍්‍රශ්න කරන්න ඕනෑ. ඇත්ත ප‍්‍රශ්නය දැන් විල්පත්තු විතරක් නෙවෙයි රට පුරා මහා වන විනාශයක් වෙනවා. නක්ල්ස්වල එනසාල් වවනවා. කැලෑ කප කපා නිවාස ඇමති ගිනි පෙට්ටි ගෙවල් හදනවා. මේ හැම දෙයක් ගැනම ජාතික මට්ටමේ සංවාදයක් ඕනෑ.” අනුර දිසානායක කියා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *