|

ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද කියා නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ – ඩලස් අලහප්පෙරුම

මෙවර අයවැය පරජායට පත්කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ මහතා එසේ ප්‍රකාශකළේ (25) වෙනිදා  නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය.

මෙවර අයවැය තරම් ඇල්මැරිච්ච පාර්ලිමේන්තුවක් අයවැය විවාදයකදි අපි දැකල නෑ. ඊළඟට අය වැය විවාදෙදි තව අතුරු ප්‍රශනයක්. අයවැය පරාජයටපත් කරනවද? අයවැය පරාජයටපත් කරන්න බෑ. ඇයි බැරි?

ස්ථිර වශයෙන්ම ටී.එන්.ඒ. සංවිධානය මේ අයවැය වෙනුවෙන් පෙනී ඉන්නව. එතන මන්ත්‍රිවරු පහළොස් දෙනෙක් ඉන්නව. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු කීපදෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ මෙහෙකාර සේවයට ඇතුල් වෙලා තියෙනව. මේ දෙපාර්ශ්වය හේතුවෙන් මේ අයවැය සංඛ්‍යාත්මකව පරාජය කරන්න බැහැ.

මාධ්‍ය වාර්තාකළා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් එකට එකතුවෙලා නුදුරු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඒකමතික තීන්දුවකට ආවා කියල. ඒක රාජපක්ෂ පවුලේ කිසිවෙක් විසින් නිලවශයෙන් නිවේදනය කළෙත් නෑ. ඒකාබද්ධ විපක්ෂය විදිහට අපි කවුරුත් නිවේදනය කළෙත් නැහැ. නමුත් ඔබ වාර්තා කළා. මේ වාර්තාකිරීමෙන් පස්සෙ අර හැංගි හැංගි වෙස් බැඳපු ජාතික ආණ්ඩු කෝලමත් විධායක ජනාධිපති කෝලමත් කියන මේ කෝලම් දෙක කරළියට පැමිණිලා තියෙනව. අපි හිතන මිනිස්සු වගේම නොහිතන අයත් මේ විධායක ජනාධිපති කෝලමේ තිරය පිටුපස්සෙ හා තිරය පලාගෙන එළියට එන්නත් පුලුවන්. චකිතයකට පත්වෙන්න එපා.

මනෝජ්  

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *