නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥ භාවය අත්හිටුවයි
මෑතක දී නීතිය හා අධිකරණ කටයුතු සම්බන්ධයෙන් මතබේදාත්මක කරුණු සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රකාශයට පත් කළ නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර තුනකට තහනම් කිරීමට අද (18) ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවයකට ලක්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශ කිරීමේ වරදට චෝදනාවට ලක් වූ නාගහනන්ද නීතිඥවරයා එම චෝදනාවට වරදකරු කරමින් මෙසේ වසර තුනකට නීතිඥභාවය අත්හිටුවන ලදී.
මේ සම්බන්ධයෙන් කොඩිත්තුවක්කු මහතා මලල්ගොඩ මහතාගෙන් කොන්දේසි වරහිත සමාවක් ඉල්ලුවත් අධිකරණයේ කළ ක්‍රියාව සුළුකොට තැකිය නොහැකි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය නිකුත් කරන ලදී.
අගවිනිසුරු නලීන් පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්වන සිසිර ද ආබෘෘ ප්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.
නාගහනන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වන බවට පසුගිය වකවානුව තුළ සමාජ මාධ්‍ය තුළ පළ විය. එහෙත් ඒ මහතා ඒ පිළිබඳව ස්ථිරව ප්‍රකාශයක් කර නොමැත.
