විදේශ කම්කරුවන් 28,600ක් වීසා සහිතව ශ්‍රී ලංකාවේ රැකියාවල
විදේශීය සේවක සේවිකාවන් 28,591ක් නේවාසික රැකියා වීසා ලබාගෙන මෙරට රැකියාවල නියුතුව සිරින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් වෙයි.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරවල රැකියා සඳහා නේවාසික රැකියා සඳහා නේවාසික රැකියා වීසා 7,994ක් ද, පෞද්ගලික අංශයේ සංවිධානවල රැකියා සඳහා වීසා 10,354ක් ද, ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත ව්‍යාපෘති සඳහා වීසා 10,077ක් ද වෙනත් ඉදිකිරීමේ ව්‍යාපෘති සඳහා වීසා 169ක් ද පසුගිය පෙබරවාරි මාසය වනවිට විදේශසේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත් කොට තිබේ.
චීන ජාතිකයන් 10,384ක් සඳහා ද ඉන්දියානු ජාතිකයන් 11,095ක් සඳහා ද මෙලෙස වීසා නිකුත්කොට තිබේ.
