දඬුවම් බැරි ඇයි
වයිස්රෝයි පොත් නිකුත් වූ දිනයේ මැන්ඩිස් ස්පෙෂල් වල්ටත් වඩා, එසේත් නැතිනම් තමා ඛේමගේ කොලුවාගේ බද්දෙන් පවා බේරුණු, අතිවිශේෂ වලටත් වඩා සැර කතාවක් කර ගෙදර ගිය ජනාධිපතිතුමාගෙන් බිරිද ඇසුවේ “ඇත්තටම ඔයා ඒ දෙන්නටම එහෙම කීවා ද?” කියාය.
කොයි දෙන්නට කොහොම කියපු දෙයක්ද ඔයා අසන්නේ? ජනාධිපතිතුමාට බිරිද කිවේ, මම අහන්නේ කොළඹ මහත්තයාටයි නුවර මහත්තයාටයි ඔයා කිව්වා කියලා වයිස්රෝයි කතාවේදී කිව කාරණාව ගැන කියාය.
වයිස්රෝයි කතාවේදී කොළඹ මහත්තයටයි නුවර මහත්තයටයි කියලා කිව්වේ මොකක්ද කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.
අයි අනේ ඔයා කොළඹ මහත්තයාටයි නුවර මහත්තයාටයි දෙන්නටම කඳු කපන්නේ නැතිව අධිවේගී මාර්ග හදන්න කිව්වා කියලා ඔයා වයිස්රෝයි කතාවේදී කීවා මතක නැද්ද කියා එවිට බිරිඳ ඇසුවාය. මම කරන කියන සේරම මතක තියා ගන්නයි මම කරනව කියන දේවල් සේරම ගියොත් පිස්සු හැදිලා මිසක් නතර වෙන්නේ නැහැ කියා ජනාධිපතිතුමා කිවේය.
කඳු කපලා අධිවේගී මාර්ගය නුවරට හදන්නෙ නැතුව කුරුනෑගල නුවර පාර පළල් කරන්න කියලා, ඔයා කිවුව කියල යි කිවේ. බිරිඳ කීවාය.
කිවා නේන්නම් කෝ ඇහුවද ?කෝ ඇහුවද කියා ජනාධිපතිතුමා කීවේය.
තියෙන පාර පලල් කරද්දි කඳු කපන්න ඕන නැද්ද කියා එවිට බිරිඳ ඇසුවාය.
ඒකට කඳු කැපුවහම කපන්නේ අධිවේගී මාර්ගයට නෙවෙයි කියලා ඔයාට තේරෙන්නේ නැද්ද ? පරිසරය විනාශ වෙන්නේ අධිවේගී මාර්ග වලට කඳු කැපුවොත් විතරයි. සාමාන්‍ය පාරවල් වලට කඳු කැපුවම පරිසරය විනාශ වෙනවා කියලා පරිසර විද්‍යාඥයෝ කියලා නැතැයි කියා ජනාධිපතිතුමා කීවේය.
දකුණු අධිවේගී මාර්ගය හදද්දි කඳු කැපුවා, වගුරු ගොඩ කළා. කටුනායක අධිවේගී මාර්ගයටත් වගුරු ගොඩ කළා. ඒ කරද්දි ඔයා ඇමති කෙනෙක් නේද ඒත් ඔයා ඒ කාලේ ඒවට විරුද්ධ වුණේ නැත්තේ ඇයි ද කියා බිරිඳ නැවත ඇසුවාය.
ඔයා අහන්නේ ඇඟේ මයිල් කෙලින් වෙන ප්‍රශ්නනේ . මෙයා ඒ දවස් වල මම ඕවට විරුද්ධ වුණානම් වයිස්රෝයි පොත දොරට වඩිනවා බලන්න මට ඉන්න පුළුවන් වෙනවද කියා එවිට ජනාධිපතිතුමා කීවේය.
ඔයාට ඉක්මනින්ම සාටක රජ්ජුරුවන්ටත් කතාකරන්න වෙයි කියා බිරිඳ කී විට ජනාධිපතිතුමා ඇසුවේ ඒ අහවල් කාරනයකටද කියාය.
එයා ජනාධිපති වුනොත් මාස හයෙන් නුවර අධිවේගී මාර්ගය අවසන් කරනවා කියලා සාටක රජ්ජුරුවෝ කියලා තියෙනවා. එහෙම වුනොත් එතන පරිසර විනාශයක් වෙන නිසා දැම්ම කියල ඒ වැඩේ නතර කරන්න කියා බිරිඳ කීවාය.
පාරවල් හදන්න කලින් එයා බලයට පත්වෙලා ඉන්න එපැයි. අතට අරන් දීපු අගමැතිකමත් තියා ගන්න බැරිවෙච්ච මිනිහා අධිවේගී මාර්ග හදන්න කතා කළාට ඔයා කලබල වෙන්න එපා කියා එවිට ජනාධිපතිතුමා කීවේය.
කරන්න්නාගොඩ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩේ බාරදෙන්න තීරණය ගත්තේ ඔයා ද කියා බිරිඳ ඇසූවිට මත්ද්‍රව්‍ය ය ගැන තීරණ ගන්න මම හැර වෙන ජගතෙක් මේ රටේ නැහැ කියලා ඔයා දන්නෙම නැද්ද කියා ජනාධිපතිතුමා ඇසුවේය.
කව්රු ගත්තත් එක හොඳ තීරණයක් කියා බිරිඳ කීවාය.
ඒ තීරණය හොදයි කියලා ඔයා ඉයන්නේ ඇයි කියා එවිට ජනාධිපතිතුමා ඇසුවේය.
කර්න්නාගොඩට වැඩේ බාර දුන්නොත් ප්‍රශ්න දෙකම විසඳෙනවා කියා බිරිඳ කීවාය.
එක වැඩක් භාර දුන්නම ප්‍රශ්න දෙකක් විසදෙන්නේ කොහොමද කියා ඇසූ ජනාධිපතිතුමා, ඔයා කියන්නේ මොන ප්‍රශ්න දෙක ද කියා ඇසූවේය
එකක් කුඩු ප්රශ්නය අනෙක කඹ ප්රශ්නය කියා එවිට බිරිඳ කීවාය.
මට තේරුනේ නැහැ කියා ජනාධිපතිතුමා කීවේය.
දැන් ඔයාට මත් ජාවාරමට මරණ දඩුවම දෙන්න පෝරකයට කඹයක් තෝරගන්න එකත් ප්‍රශ්නයක් වෙලා නේද තියෙන්නේ? ගෙනාපු කබ වල ප්‍රමිතිය හරි නැහැ කියලා කියනවා නේද? කරන්නාගොඩට මත්ද්‍රව්‍ය වැඩේ බාර දෙන්න. එතකොට එල්ලුම් ගහට කඹ ගෙන්න යන වියදමත් ඉතුරුයි කියා බිරිඳ කීවාය.
ඇයි එතකොට එයා එයාගේ වියදමෙන් කඹේ ගෙනෙයිද කියා ජනාධිපතිතුමා ඇසුවේය.
කඹේ ගේනවා නෙවෙයි මෙයා ළමයි එකොළොස් දෙනාගේ ප්‍රශ්නේ විසඳුවා වගේ වැඩේ ගොඩ දාල දෙයි. එයාට කඹ ඕනේ නැහැ ඕනනම් වැලිකඩ ජෙල්ට එක ට්‍රින්කෝ පැත්තට මාරු කරලා දෙන්න කියා බිරිඳ කීවාය
ඔයාගේ සෙට් එකක් ජිනීවා යවන්නේ නැතිව ඔයාම ගියා නම් නම් මටත් ඒ පැත්තේ රවුමක් දාලා එන්න යන්න තිබුනා. ගෙදර ඉන්නත් කම්මැලියි කියා බිරිඳ කීවාය
එහෙම කියන්න එපා නෝනේ . අපි නම් නිතර නිතර කොහේ හරි යනවා. අපේ සෙට් එකට ඇමැතිකම් නැතිවුණාට පස්සේ එයාර්පෝට් එකට යන පාරත් අමතක ඇති. ඒ තුන් හතරදෙනා වත් ගිහින් ආවයි. එහෙම දෙයක්වත් නොදී මිනිස්සු අල්ල ගන්නත් අමාරුයි කියා ජනාධිපතිතුමා කීවේය.
මේ ආණ්ඩුව තියෙනතුරු බැඳුම්කර හොරුන්ට දඩුවම් කරන්න බැහැයි කියලා ඔයා කියලා තිබුණා පත්තරේක දැක්ක කියා බිරිඳ කීවාය.
බැහැනේන්නම්. අවුරුදු කීයක් තිස්සෙ දඟලනවද. එත් තාම බැරි වුණා කියා ජනාධිපතිතුමා කීවේය.
එහෙම තියෙද්දිත් ඔයා මේ ආණ්ඩුවේ දූෂණ හොයන්න අයෙත් කොමිසමක් දැමීමේ තේරුම්ක් නැහැ නේද කියා බිරිඳ ඇසුවාය .
ඔයා කොහොමද තේරුමක් නැහැ කියන්නේ. කියා ජනාධිපති ජනාධිපතිතුමා ඇසූ විට බිරිඳ කිවේ බැඳුම්කර අයට දඬුවම් නැත්තේ මේ ආණ්ඩුව නිසා නම් අලුත් කොමිසම දැම්මත් තියෙන්නෙ මේ ආණ්ඩුවම බව ඔයාට තේරෙන්නේ නැද්ද කියාය.
මම ඒ කොමිසම දැම්මේ දඩුවම් කරන්න නෙවෙයි. ඊළඟ ඡන්දෙට කියන්න කතා ටිකක් හොයාගන්න කියා ජනාධිපතිතුමා කීවේය.
ඒ කොමිසමට පැමිණිලි දහස් ගණනක් ලැබිලා තියෙනවා කියලා ඔයා කීවට තාම පැමිණිලි 400 ගානයි නේද ලැබිලා තියෙන්නේ කියා බිරිඳ ඇසුවාය
400 හාරදාස් ගණනක් කරන්න මට කොමිසම්ට උපදෙස් දුන්න කියා ජනාධිපතිතුමා කී විට බිරිඳ ඇසුවේ 400 ගණන හාරදාස් ගණනක් කරන්නේ දහයෙන් වැඩිකරලා ද කියාය .
එච්චර දගලන්න දෙයක් එතන නැහැ . 400 ගණන ළඟට එක පැමිණිල්ලක් හරි ආවොත් ඒ පැමිණිල්ල හාර සියය ගණන අගට ලියනවා එතකොට ඉබේම හාරදහස් ගණනක් වෙන්වා කියා ජනාධිපතිතුමා කීවේය.
අපරාදෙ ඔයාට තිබුණේ සාටක රජ්ජුරුවෝ වගේ මුදල් අමාත්‍යංශයත් තියා ගන්නයි. එහෙම වුණා නම් ඒ කාලේ වගේම සංඛ්‍යාත්මක සංවර්ධනයක් පෙන්නන්න තිබුණ කියා බිරිඳ කීවාය.
ඒ නිසානෙ මම අගමැති කමත් එක්ක එයාට මුදල් ඇමතිකමත් දුන්නේ කියා ජනාධිපතිතුමා කිවේය.
සාටක රජතුමාගේ දූෂණ හොයන්න දාපු කොමිසමේ වැරදිකාරයන්ට දඬුවම් කරන්න බැරි මේ ආණ්ඩුව තියෙන නිසාද කියා බිරිඳ ඇසුවාය.
පිස්සුද මෙයා එහි කොමිසමේ වැරදිකාරයන්ට දඬුවම් කරන්න බැරි රටේ ජනාධිපති ඒ අයගෙ නිසා යැයි එවිට ජනාධිපතිතුමා කිය.
