පහුගිය කාලයේ හෙජින් ගනුදෙනුවේදී කොයි තරම් මුදලක් අපිට නැතිවුණාද? නමුත් ඒවට කිසිදු කි‍්‍රයාමාර්ගයක් නැහැ – ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න
හැකියාවන් දක්ෂතාවයන් තියෙන ජනතාව ඉන්න රටක් අද ගමන් කරන්නේ කොතැනටද, අපේ රටේ මාතෘ භූමිය පත්වෙලා තිබෙන ඉරණම මොකක්ද කියලා අපි කල්පනා කරපු කාලයක් තිබුණා. ඒ කාලය තුළ අත්විඳපු දේවල් එක්රැුස්කරගෙන ඒ අත්දැකීම් සහිතව තමයි අපි ජාතික විද්වත් සංවිධානය ගොඩනැගුවේ. පහුගිය වසරේ මහරගමදී අපි එහි පළවැනි සමුලූව පැවැත්වුවා. ඉන් පසුව අපේ රට ගොඩනැගීමේ අරමුණින් ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමට ක්ෂේත්‍ර 10ක් පදනම් කරගෙන කමිටු 10ක් පත්කළා. ඒ කමිටු 10 සකස් කරපු වැඩපිළිවෙළත් එක්ක අපි පෙබ. 19වැනිදා ජාතික විද්වත් සංවිධානයේ මහා සම්මේලනය පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
පහුගිය දශක 7 තුළ අපේ රටේ ජනතාව ආණ්ඩු පත්කළා. ආණ්ඩු වෙනස් කළා. අපි හිතුවා ඒ ආණ්ඩු රට රකීවි කියලා. රට හදාවි කියලා. ජනතාවට වඩා යහපත් ජීවන තත්වයක් සකස් කරාවි කියලා අපේක්ෂා කළා. නමුත් ඒ සියලූ අපේක්ෂා බිඳවැටිලා තිබෙනවා. මුළු සමාජයම බිඳවැටිලා. අපේක්ෂාභංගත්වයට පත්වෙලා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය මුළුමනින්ම බිඳවැටිලා. මීට කලින් අපි පාලකයෝ පත්කළේ ඔවුන්ගේ බාහිර පෙනුම දිහා බලලා. ඔවුන්ගේ බාහිර පෙනුමට අපි ඡුන්දය දීලා බලයට පත්කළා. නමුත් දැන් අපි කළ යුතුව තිබෙන්නේ රටට ආදරය කරන පිරිසක් වෙත අපේ රට බාරදීමයි. රට හදන, රට රකින ජනතාවාදී පාලනයක් ගොඩනැගිය හැක්කේ එහෙම තීරණයක් ගත්තොත් පමණක් බව අපේ රටේ ජනතාවට අවධාරණය කරනන් කැමතියි.
ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න එසේ ප්‍රකාශ කළේ කොළඹ දී පවත්වන ලද එම සංවිධානයේ සමුළුවක දී ය.
එහිදී කතා කළ හිටපු අමාත්‍යංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර
අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබෙන්නේ ¥ෂණය, වංචාව නැති කිරීම පිළිබඳවයි. 78න් පස්සේ අපේ රටේ වංචාව, ¥ෂණය විශාල ලෙස පුළුල් වෙලා පැතිරිලා තිබෙනවා. 78ට කලින් තත්වයට සංසන්දනය කිරීමට පවා බැරි තරමට වර්ධනය වෙලා. 1961 වෝල්ටර් තල්ගොඩපිටිය නමින් කොමිසමක් පත්කරනවා. වාර්තාවක් එළිදැක්වුණා. එම වාර්තාව මගින් බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමතිවරුන් හය දෙනෙකුට එරෙහිව ¥ෂණ චෝදනා එල්ල වුණා. එම වාර්තාව එළිදකිනකොට ¥ෂණ චෝදනාවන්ට ලක්වුණු තුන් දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ තුන්දෙනාම පෙත්සම් මගින් කෙටි කාලයක් තුළ පාර්ලිමේන්තුවෙන් එළියට දාන්න එදා කටයුතු කෙරුණා. පසුව ඔවුන්ගේ පුරවැසි අයිතීන් පවා අහෝසි කෙරුණා. 70 දශකය කාලය මේ ආකාරයට මැතිවරණයට ලංගම බස් පාවිච්චි කිරීමේ වරදට අනිල් මුණසිංහට මන්තී‍්‍ර ආසනය අහිමි කළා. එම්පීඞී සොයිසා මන්තී්රවරයට මහන මැෂිමක් පගාව ලෙස ගත්තා කියලා මැතිවරණ පෙත්සම්වලින් මන්තී‍්‍ර ආසනය අහිමි කළා. නමුත් 1978න් පස්සේ මැතිවරණ ¥ෂණ විශාල ලෙස වර්ධනය වුණා. 83 ජනමත විචාරණයේදී මැතිවරණ ¥ෂණ අතිවිශාල ප්‍රමාණයක් වාර්තා වුණා. නමුත් කිසිම කි‍්‍රයාමාර්ගක් ගත්තේ නැහැ. යාපනය අතුරු මැතිවරණයේදී සිදුවුණු මැතිවරණ ¥ෂණවලට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගත්තේ නැහැ. ඒ සියල්ලේ ප්‍රතිඵලය වුණේ, අති¥ෂිතයින් පාර්ලිමේන්තුවට පත්වීමයි. මෙවැනි දුෂිතයින්ගෙන් අපේ රටේ සාධාරණ පාලනයක් බලාපොරොත්තු විය හැකිද?
පහුගිය කාලයේදී සිදුවුණු දේශපාලන සිදුවීමේදී කෝටි 50ට මන්තී‍්‍රවරුන් අලෙවි වුණා. ඒක ප්‍රසිද්ධ කාරණයක්. නමුත් ඒවට එරෙහිව ගත්ත පියවරක් තිබෙනවාද? මේ වනවිට එක් සිවිල් සංවිධානයක පැමිණිල්ලක් මත පරීක්ෂණයක් සිදු කෙරෙන බව කියනවා. නමුත් එම පරීක්ෂණ කොයි තරම් කාලයක් ඇදෙනවද කියලා අපිට අදහසක් තිබෙනවා. පහුගිය කාලයේ අල්ලස් කොමිසමේ දිල්රුක්ෂි ඩයස් මහත්මිය එතැනින් ඉවත් කළා. ¥ෂණ මර්දන කාර්යාලය වහලා දැම්මා. එවැනි තත්වක් තුළ ¥ෂණය නැති කරයි කියලා මේ පාලකයින්ගෙන් බලාපොරොත්තු විය හැකිද? අපේ රට කරවන අයට ¥ෂිත තත්වයන් ඇතිකර අපේ රටේ මහජන ආයතන ජනතාවට සේවය කරන ආයතන බවට පත්කළ නොහැක්කේ ඇයි? මීට අවුරුදු 03කට කලින් ¥ෂණය ගැන කතා කරපු අය අදත් ඒ ¥ෂණ ගැනම කතා කරනවා. නමුත් කි‍්‍රයාමාර්ග නැහැ. දිගින් දිගටම වෙන්නේ රටේ ජනතා මුදල් කාලා දාන එක විතරයි. අපේ රටේ ජනාධිපතිම කියනවා බැඳුම්කර ගනුදෙනුවලින් රුපියල් මිලියන 1,000ක් රටට නැතිවුණා කියලා. පහුගිය කාලයේ හෙජින් ගනුදෙනුවේදී කොයි තරම් මුදලක් අපිට නැතිවුණාද? නමුත් ඒවට කිසිදු කි‍්‍රයාමාර්ගයක් නැහැ. ඒ නිසා අපි ¥ෂණයට එරෙහි සංවිධානයක් ලෙස එක්රැුස් වෙමු. මේ පණිවුඩය ජනතාව අතරට යවමු. එක පුද්ගලයෙක් තව පුද්ගලයින් 05කට මේ පනිවුඩය ලබා දෙමු. එහෙම වුණෙත් තව දුරටත් අපිට ”රංගේ” කියලා කතා කරන ඒවා තව දුරටත් ඇහෙන්න ලැබෙන එකක් නැහැ. මේක අපෙත් රට. අපි එකතු වෙලා ¥ෂණයට එරෙහි සංවිධානයක් ගොඩනගමු.
