මහින්ද කරන්නේ රගපෑමක් බව විමල් කියයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී තමන් හදන පෙරමුණට සහාය නොදෙන බවටත් , ජනාධිපතිවරයාට සහාය දෙන බවටත් පෙන්වමින් මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතා කරන්නේ රගපෑමක් පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කොට ඇත . ජාතික නිදහස් පෙරමුණේ හිතවතුන්ගේ සාකච්චාවකදී වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත්තේ නියම අවස්ථාවේදී රාජපක්ෂ මහතා තම පෙරමුණට එක්වනු ඇති බවයි . ජනාධිපතිවරයාට එරෙහිව හදන පෙරමුණට මහින්ද රාජපක්ෂ මහතා සහාය පල නොකිරීම ගැන කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු වශයෙන් ඒ මහතා මෙම ප්‍රකාශය කොට ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ දැරීම ගැන එල්ල විය හැකි චෝදනාවෙන් මිදීමට රාජපක්ෂ මහතා මෙලෙස රගපෑමේ යෙදෙන බව වීරවංශ මහතා හෙළිදරවු කොට තිබේ . ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ රාජපක්ෂ මහතා මෙම රගපෑමේ යෙදෙන්නේ තමන් විසින් සකස් කරන ලද උපාය මාර්ගයකට අනුව බවයි . ඒ අනුව මේ මොහොතේ කළ යුතු වන්නේ තමන් ඇතුළු කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීම පමණක් බවද වීරවංශ මහතා ප්‍රකාශ කොට ඇත .
