දිස්ත්‍රික් ඇමතිධුර පත්කිරීමත් අවුල් ජාලයක් වන ලකුණු

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස ඇමැති වරප්‍රසාද  සහිත පිරිසක් පත්කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තියට ඇතැම් ඇමතිවරුන්ගේ විරුද්ධත්වය පලවීම නිසා එම වැඩ පිළිවෙලද අර්බුදයට යන ලකුණු ඇතැයි ආණ්ඩුවේ තතුදත් ආරංචි මාර්ග කියයි . එහිදී වැඩි මනාප ලබාගැනීම සුදුසු කමක් ලෙස සැලකීම ගැනත් , ඇමැති තනතුරු ලැබුවන්ට දිස්ත්‍රික් ඇමැති ධුර නොදීමේ තීරණය ගැනත් විරෝධතා මතුවී ඇතැයි කියති . ඇතැම් ඇමතිවරුන් කියන්නේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් පළපුරුද්දක් නැති ආධුනික මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික් සංවර්ධනය පැවරීමෙන් අවුල් ඇතිවිය හැකි බවයි .

එමෙන්ම තමන්ට බලවත් ඇමැති දුර ලැබී නැතැයි කියන ඇතැම් ඇමතිවරුන් දිස්ත්‍රික් අමතිධුරයද ඉල්ලා සිටින තත්වයක්ද මතුවිය හැකි බව අපගේ ආරංචි මාර්ග කියයි . ඇමතිවරුන්ට විෂයයන් වෙන්කර දීමේ ගැසට් නිවේදනය නිකුත් වීමෙන් පසුව මෙම විරෝධතා බලවත් ලෙස මතුවනු ඇතැයි අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි .

තමන්ට ලැබුණු ඇමැති තනතුරු ගැන බොහෝ ඇමතිවරු මසිවිලී නගමින් සිටින බවද වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *