“අලුත් බලාගාර නෑ – ඉදිරියේදී විදුලි අර්බුදයක් ” – ආචාර්ය තිලක් සියඹලාපිටිය
නොරච්චෝලේ හා ඉහළ කොත්මලේ බලාගාර ඉදිකිරීමෙන් පසුව වෙනත් විදුලි බලාගාර ඉදිකිරීමට මෙතෙක් කටයුතු කොට නොමැති නිසා ඉදිරි කාලයේ විදුලි අර්බුදයක් ඇතිවීම අනිවාර්ය වී ඇති බව විදුලි බල ක්ෂේත්රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා කියයි . යෝජිත සම්පුර් බලාගාරය ඉදිකිරීමට මෙතෙක් පියවර ගෙන නොතිබීම මෙම අර්බුදයට ප්රධාන හේතුව බව ඒ මහතා පෙන්වා දෙයි .
සාම්පුර් බලාගාරය ඉදිකිරීමට සකස් කළ ගිවිසුම්වල බරපතළ අඩුපාඩුකම් තිබූ බවත් ඒවා නිවැරදි කොට බලාගාරය ඉදිකිරීම මේ වනවිටත් අරඹ නොවීම බරපතළ ප්රශ්නයක් බව සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි . විශාල බලාගාරයක් ඉදිකිරීමට වසර පහක් වත් ගතවන බැවින් 2022 වනතෙක් අලුත් බලාගාරයක් නිෂ්පාදනයට එක් වන්නේ නැත . එමනිසා තවත් අර්බුදය බරපතළ වීමට එය හේතුවන බව පැහැදිලිය .
