කුමන්ත්‍රණ මාස තුනට ඩොලර් මිලියන හාරසිය අසූ හතක් රටට අහිමි වුණා. එක ඩොරයක්වත් රටට ආවෙ නෑ – ආචාර්ය හර්ෂ ද සිල්වා

කුමන්ත්‍රණය තිබුණු මුළු කාලෙම ගිය සතිය වෙනකම් ශ්‍රී ලංකාවට එක ඩොලරයක්වත් පිටරටින් ලබා ගන්නට බැරි වුණා. ඒ කියන්නෙ එච්චරට විශ්වාසය බිඳවැටුණා. ඔක්තෝබර් 26 වෙනිදායින් පස්සෙ රජයට සැපයුනු යු.එස්. ඩොලර් සැපයුම වුණේ ඉන්දියාවෙ මහ බංකුවත් එක්ක කෙරුණු ඩොලර් මිලියන හාර සීයක්. එතකොට අගමැතිතුමා කිව්වෙ ඉන්දිවෙන් ඩොලර් මිලියන හාරසීයක් ලැබුණා. චීනෙත් එක්ක පැන්ඩා බොන්ඩ් එකක් කරනව. ජපානයත් එක්ක සමුරායි බොන්ඩ් එකක් කරනව ඩොලර් මිලියන පන්සීයක් හෝ දාහක් වෙනකම්. ජත්‍යන්තර මූල්‍ය වෙළඳපොලෙන් අපි ජාත්‍යන්තර මූල්‍ය බැඳුම්කරයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා මේ හරහා අපේ ණය ගෙවීමට තියන විශ්වාසය වැඩි කරන්න අපි බලාපොරොත්තු වෙනව කියල.

කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා එසේ ප්‍රකාශකළේ  පාර්ලිමේන්තු සංකීරණයේ පැවතී මාධ්‍ය හමුවකදීය.

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් ආයතන තුනම අපිව පහලට දැම්මා. මහ බැංකුවේ ස්වාධීන වාර්තාවේ ඒක මත ඔවුන් කියන්නෙ අපිට වැදිච්ච ලොකුම පහර බණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මාකට් එකෙන්. පළවෙනි මාස නමයට ඉවත් වෙලා තිබෙන මුදල තමයි ඩොලර් මිලියන හාරසිය හතක්. පළවෙනි මාස නමයට. මේ කුම්න්ත්‍රණකාරි මාස තුනට ඉවත් වෙච්ච ගාන තමයි ඩොලර් මිලියන හාරසිය අසූහතක්.

පළවෙනි මාස නමයට ඩොලර් මිලියන හාරසිය හතයි. මේ මාස තුනට ඩොලර් මිලියන හාරසිය අසූ හතයි. මේවට බන්දුල ගුණවර්ධලා උත්තර දෙන්න ඕනෙ. කතා කරන්නෙ නිකම් එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ වගේ.කොටස් වෙළඳ පොලේ මුල් මාස නමයට ඉවත් වීම් ඩොලර් මිලියන තිස් හයයි. කුමණ්ත්‍රන මාස තුනේ ඉවත් වීම ඩොලර් මිලියන අසූහතයි.

කොච්චර දේශපාලන වේදිකාවල කෑගැහුවත් අපේ සංචිත ඩොලර් මිලියන දාහකින් අඩු වුණා. පොඩි ගාණක් නෙමෙයි කුමන්ත්‍රණය තුළ. ඒකෙන් අපි ණය ගෙවන්න පාවිච්චි කරල තියෙන්නෙ ඩොලර් මිලියන තුන්සිය අටයි. ඉතිරි ඩොලර් මිලියන හයසිය අනූදෙකම පාවිච්චිකරල තියෙන්නෙ මේ කුමන්ත්‍රණය නිසා රුපියලට වෙච්ච ප්‍රහාරය කිසියම් විදිහකට කළමණාකරනය කරගන්න.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *