අපිට පොහොට්ටුවට එකතු වෙන්න කිසිම වූවමනාවක් නෑ – දුමින්ද දිසානායක
සන්ධානේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් පොහොට්ටුවට එකතු වෙන්න තමන්ට කිසිම වූවමනාවක් නැති බවත් ශ්‍රීලනිප හිටපු මහා ලේකම් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය .
දුමින්ද දිසානායක මහතා ඒ බව ප්‍රකාශ කළේ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ජයාසිරි ජයසේකර මහතා වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගි වීමෙන් පසුව මාධ්‍යෙව්දීන් නැගූ ප්රශන්වලට පිළිතුරු දෙමිනි.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මොකක්ද කියන්න පුළුවන්?
ඔක්තෝබර් 26 වෙනිදා වෙනකල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මමත් මහින්ද අමරවීර ඇමතිතුමත් පමණයි ජනාධිපතිතුමා තමයි ඊළඟපාරත් ජනාධිපති අපේක්ෂකයා කරනවා. ඒ වගේම ජනාධිපති කරනවා කියල ප්‍රතිඥාවක් දුන්නෙ. එහෙම කෙනෙක් තමයි දුමින්දයි මහින්ද අමරවීරයි කියල කියන්නේ. ඒ නිසා ඒක අමුතුවෙන් මගෙන් දැන් අහන්න දෙයක් නෑ.
සන්ධානයක් අලුතෙන් හැදෙනවනේ, ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක යනවද නැත්තම් පොහොට්ටුවට ගිහිල්ලා ඔබතුමාලා එහෙම යනවද?
අපිට පොහොට්ටුවට ගිහිල්ලා එකතු වෙන්න කිසිම උවමනාවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන පක්ෂය විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සියලුම පක්ෂ එකතුකර ගැනීම තමයි අපේ ප්‍රධාන බලාපොරොත්තුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනම් මේකෙ ප්‍රමුඛස්ථානය ගන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියා අපේ නායකයා සන්ධානයේ නායකයා බවට පත්විය යුතුයි.
බහුතරයක් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ජනප්‍රියයි, එතුමාට නායකත්වය ලබා දියයුතුයි කියලා.
කිසියම් සන්ධානයක් හදනවනම් ඒ සන්ධානෙ නායකයා අපේ පක්ෂයේ නායකයා විය යුතුයි.
විනය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුවෙන්නෙ නැද්ද ආණ්ඩුව පැත්තට ගිය චිජයමුණු සොයිසා වගේ කට්ටිය ගැන?
අපි ඒ කීපදෙනාට විතරක් ගත්තොත් කලින් පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්ත අයට මොකද කරන්නෙ.
නමුත් ඔවුන් කියනවා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තෙ නැහැ කියලා.
කට තියන නිසා ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඉතින් රටම දන්නවා මොකක්ද වුණේ කියල.
හැබැයි සන්ධානේ ලේකම් තුමා ලියුමක් අරිනවා එයාලා තාම නිදහස් පක්ෂයේ කියල තවම.
අපෙන් ඡන්දය ඉල්ලලා ජයග්‍රහණය කරපු මන්ත්‍රිවරු විදිහට, ඒ අයගෙ මන්ත්රිකම් නැති වෙනව නම් අපිට දුකයි. අනුකම්පා කරල දුන්න ලියුමක්. හැබැයි රටම දන්නවා මොකක්ද වුණේ කියන කාරණාව. අපි නෙමෙයි මේක ආඩම්බරෙන් එනවුන්ස් කෙරුවෙ. එතකොට ඒගොල්ලමයි කිව්වෙ. අපිට දැන් කියන්න බෑ ඒ ගොල්ල බොරුවටයි කිව්වෙ කියල.මන්ත්රිකම් ටික ආරක්ෂා කරගන්න අපි ඒ සහයෝගය දක්වල තියෙනව.
ඉදිරි ජනාධිපතිවරණයෙදි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි අනිවාර්යෙන් ඉදිරිපත් කරනව කියන්නෙ?
ඒක එදාට බලමු.
