කෝප් වාර්තාවේ නිර්දේශ පරිදි ඊ.පී.එෆ්’. පිළිබඳ පරික්ෂණයක් වහා පැවැත්විය යුතුය – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන (පළමු කොටස)

2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016 මැයි මාසය දක්වා ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ක්‍රියාකාරීත්වයට අදාළව සිදු වී ඇති බවක් පෙනෙන ආයෝජන අක්‍රමිකතා, නොහොබිනා කම්, අවකල් ක්‍රියා සහ එහි සාමාජිකයන්ට අත්කර…

ආර්ථික විප්ලවය නවීකරණයට – කරුණාරත්න අමරතුංග

  ඉදිරියේදී ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථික උපාය මාර්ග කවරේද? පසුගිය කාලය පුරාම ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ආයෝජකයෝ මේ ප්‍රශ්නයට පිළිතුරු දැන ගැන්මට උත්සුක වූහ. පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයකින් මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයුවේය. ඉදිරි ආර්ථික උපාය මාර්ග අතර DOING BUSINESS INDEX නම් දර්ශකයේ ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගැන්මට ශ්‍රී ලංකාව කටයුතු…

ජාත්‍යන්තර වෙළඳ හා සේවා ගිවිසුම් නැතිව යන්න බෑ- මහාචාර්ය රොහාන් සමරජීව

කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් ග්‍රන්ථයේ ප්‍රධාන සටන් පාඨයක් වෙලා තිබුණේ සහ කොමියුන්ට්ස් ප්‍රකාශනයේ සඳහන් වූයේ “සකල දේශවාසී කම්කරුවනි එක්වව්“ යනුවෙනි. ඒ දවස්වල දේශසීමා එතරම් වැදගත් වූයේ නෑ. එයා ජර්මනියේ කැරුල්ලක් ඉවර වෙලා එංගලන්තෙට ගිහින් ඉන්නවා. ඒ වගේ දේශසීමා, වීසා අඩු කාලෙක තමයි ඒ කටයුතු සිද්ධ වුනේ. ට්‍රොස්කිවාදි හා ස්ටැලින්වාදී අදහස් අතර ප්‍රධාන වශයෙන් වෙනසක් වුනේ…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය: වෛද්‍යවරුන් සෙස්සන්ට වඩා සමානයෝ ය – රංග ජයසූරිය

පාසලක පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළත් කර ගැනීම සුළුපටු ව්‍යාපාරයක් නොවේ. එහිදී දෙමාපියෝ තම දරුවන් වෙනුවෙන් සෑම දහංගැටයක්ම ගසති. එහිදී සිදුවන කූඨ ලේඛන ජාවාරම් සහ වෙනත් අක්‍රමිකතා ගැන සොයා බැලීම වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමටත් සිදු විය. මේ ආකාරයෙන්, ළමයා පාසලකට ඇතුළත් කර ගැනීම අතිශය වෙහෙසකර ක්‍රියාවලියක තත්වයට පත්ව තිබේ. එය සෑම කෙනෙකුගේම කායික මෙන්ම…

ප‍්‍රමිතියට හැදුවොත් අපේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ලොව හොඳම ඉල්ලූමක් ඇති කරගන්න පුලූවන් – දීඝායු ආයුරුවේද නිෂ්පාදන ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ – සරත් ජයකොඩි

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ  රසායනික සංඝටක වලින් කරන්න බැරි දේවල් ආයුරුවේදයෙන් කරන්න පුලූවන්.  ප‍්‍රමිතියට හැදුවොත් අපේ ආයුරුවේද නිෂ්පාදන සඳහා ලොව හොඳම ඉල්ලූමක් ඇති කරගන්න පුලූවන් අපේ රටේ ලෙඩරෝගවලට ප‍්‍රතිකාර ගැනීමට වෛද්‍ය ක‍්‍රම කිහිපයක් තියෙනව. ප‍්‍රධාන වශයෙන් බරහිර වෛද්‍ය ක‍්‍රමය ප‍්‍රචලිත වෙලා තියෙනව. ආයුරුවේද වෛද්‍යක‍්‍රමයත් තියෙනව. යුනානි, හෝමියෝපති වගේ වෛද්‍ය ක‍්‍රම තියෙනව. නමුත් මේ එකම වෛද්‍ය ක‍්‍රමයකවත්…

අපට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය ද? – සඳමාලී ද ෆොන්සේකා

අපේ අධ්‍යාපන ක්‍රමය පටලැවිලි වැළකි. 1938 සිට අපට නිදහස් අධ්‍යාපනය තිබේ. පාසල් නිල ඇඳූම් පවා නොමිලේ සැපයේ. කෙසේ වෙතත්, අපේ විභාග පරීක්ෂණ වඩාත් බර වන්නේ සිසුන් ඉවත් කිරීමට මිස සමත් කිරීමට නොවේ. මේ නිසා දෙමාපියෝ සිය දරුවන් සඳහා පහළ බාලාංශයේ සිටම පෞද්ගලික උපකාරක පංති සඳහා විශාල මුදලක් වැය කරති. එසේ තිබියදීත්, තෘතීයික අධ්‍යාපනය (විශ්ව විද්‍යාල)…

අධ්‍යාපන අර්බුධයේ එක පැත්තක්- මහාචාර්ය සරත් විජේසූරිය

ලංකාවේ අධ්‍යාපනය ගුණාත්මක මට්ටමෙන් දියුණු කිරීමට වඩාත් වැදගත් වන සාධකය කුමක් ද යන්න මගෙන් ඇසුවොත් මම දෙන උත්තරය තමයි විචාරශිළි පුරවැසියෙකු නිර්මානය කිරීමට යන්න. මේ කටයුත්ත කිරීමේ දී වැදගත්ම චරිතය වන්නේ ගුරුවරයා ය. ගුරුවරයා කියන චරිතය දුර්වල වෙලා තියෙන්නේ දැනට වසර 30කට පමණ එහා පැත්තේ සිට ය. ් ගුරුවරයා බඳවා ගැනිමේ ක්‍රියාපටිපාටිය වෙනස් කිරීමේ සිද්ධියේ…

විදුලි විෂය ගැන දේශපලානඥයින්ට දැණුමක් නෑ -මහාචාර්ය කුමාර් ඬේවිඞ් ( 2වැනි කොටස)

සාම්පූර් ගල් අගුරු බලාගාරය කළට වේලාවට අවසන් නොකළ හෙයින් ඒ අතරතුර කාලයේ කොපමණ අතිරේක වියදමක් දරන්නට සිදුවන්නේ ද යන්න ගණන් බැලිය යුතු ය. මේ ප්‍රමාදය හේතු කොටගෙන 2023 වන තුරු රුපියල් බිලියන 80ක් 90වක් පමණ වැඩියෙන් වියදම් කිරීමට සිදුවේ. මම පෙර සඳහන් කළ ගැස් බලාගාරය ද නියමිත දිනයට අවසන් කිරීමට නොහැකි වුහොත් බිලියන් 190ක් පමණ…

අහිතකර නමුත් සාම්පූර් ගල්අගුරු බලාගාරය පමාකළ එක වරදක්- මහාචාර්ය කුමාර් ඬේවිඞ්

90 ගණන්වල බරපතල විදුලි අර්බුදයක් ඇති විය. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ අනාගත සැලසුමට අනුව කටයුතු නොකර එදා නොරොච්චෝලේ ගල් අූගුරුබලාගාරය කල්දැමීම නිසා එම අවුල ඇති වුනි. අල්ලස් ගැනීමේ ප්‍රශ්නයට අමතරව විදුල ිබලය නිෂ්පාදනය සම්බන්ධයෙන් ආණ්ඩුවට ප්‍රතිපත්තිය නැතිවීම මෙයට හේතු විය. ඒ නිසා අවසානයේ අපිට ඩීසල් වලින් ක්‍රිියාත්මක වන විදුලි ජනක යන්ත්‍ර වලින් විදුලිය නිපදවන්නට සිදුවිය. බාහිරින්…

දියුණුව දන්නා එරට වම්මු හා සටන් පාඨ දන්නා මෙරට වම්මු – මහින්ද රත්නායක

නිදහසේ සිට සංවර්ධනය වෙමින් පවතින නමුත් කිසිදාක සංවර්ධනය වන බවක් නොපෙනෙන රටක් බවට පත් වී ඇති ශ්‍රි ලංකාව සංවර්ධිත රටක් බවට පත්කර ගන්නේ කෙසේ ද යන ගැටලුවට මේ රටේ සමස්ථ ජනතාව අද මුහුණ දී සිටිති. මෙතෙක් අනුගමනය කර ඇති වැරදිි සංවර්ධන උපාය මාර්ග මෙයට හේතු වූ බවට නැගෙන චෝදනා වලින් පටන් ගෙන රටේ සංවර්ධනය අඩාල…

ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?-ලැසිල් ද සිල්වා

කූට මාර්ගයන්ගෙන් තමන්ගේ මඩි තර කර ගැනීමේ අභිලාෂයෙන් පෙළෙන දූෂිත නිලධාරීන්ට විගණනය ප්‍රියදායක එකක් නොවේ. බොහෝ මන්ත්‍රීවරුන්ටද එසේමැයි. පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සිය විමර්ශනයන් සඳහා පාදක කර ගන්නේ විගණකාධිපතිවරයා සපයන වාර්තාවන් ය. මේ කාරක සභාවන්හි නියෝජිතයන් මතු කරන ප්‍රශ්නවලට උත්තර බැඳිය යුත්තේ රාජ්‍ය නිලධාරීන් ය. මන්ද යත්, ඒ…

එට්කා ගිවිසුමට හා අධ්‍යාපනයේ නිදහසට එරෙහි වන්නේ කුහකයින් – ගාමිණි වියන්ගොඩ

මේ රටේ රාජ්‍ය පාලනය සඳහා යම් ක්‍රමවත් පද්ධතියක් ඉතිරි වී තිබුණා නම් රාජක්ෂගේ පාලන කාලයේ දී ඒ සියල්ල විනාශ කළේ ය. අධිකරණය පද්ධතිය කියලා එකක් තිබෙනවා නම්, නීතිය කියා එකක් තිබෙනවා නම්, ඒ ඒ පුද්ගලයාට, ඔහු ජනාධිපති වූවත්, අගමැතිවූවත්, ඔවුන් යටතේ සිටින බලසම්පන්න කෙනෙක් වූවත්, කිසිකෙනෙකුට නීතිවිරෝධි කිසිවක් කරන්නට නොහැකි වේ. එහෙම වෙන්නට නම් ඒ…