ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන විශ්වාසය බිඳිලා ; තත්ත්වය භයානකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා
ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශ්වාසය දිගින් දිගටම පළුදු වෙමින් තිබෙන බවත් ආණ්ඩුව තවදුරටත් බොරු කරනවා වෙනුවට මේ ඇත්ත ප්‍රශ්නයට මුහුණ දියයුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.”මම දැන් සති කීපයක් තිස්සෙම දිගින් දිගටම දැනුවත් කළා විශාල ආර්ථිකමය, මූල්‍යමය ගැටළුවකට ආණ්ඩුව මුහුණදෙමින් තියෙනවා කියලා. ඔවුන් කියන්නේ එහෙම…
