|

හැත්තෑ පස් වසරක සාපය ද දෙතුන් වසරක ඉතිරිය ද? – නිශාන්ත කමලදාස

  හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී යන්නේ ඒ තුළ කොතෙක් පසුබෑම් අනාථ වීම් අතරමං වීම් තිබුන ද ඉදිරියට ගිය වගකි. ඒ සඳහා ආර්ථික සංඛ්‍යා ලේඛන පිරික්සීම ප්‍රමාණවත් ය. හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී…

|

ආර්ථිකය ස්ථාවර රටක හැමෝම එකතු වෙලා ඡන්දය තියමු – ආචාර් ය අතුලසිරි සමරකෝන්

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකය ගැඹුරුම ආගාධයට වැටී තිබෙන මේ මොහොතේ රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරවන්නේ නැතිව රටේ පිළිගත් සියලු දේශපාලන පක්ෂ සහ පුරවැසි කණ්ඩායම් වාද භේද සියල්ල පසෙක තබා ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැඟීමට පියවර ගත යුතු යැයි නාවල විවෘත විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව…

|

උද්ධමනය තවත් පහළ ට

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට වාර්ෂික උද්ධමනය පසුගිය ජනවාරි මාසයේදී 53.2% දක්වා පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ බව පවසයි. එය ඉකුත් දෙසැම්බර් මාසයේ සටහන්වී තිබුණේ 59.2%  ලෙසය.

|

විදුලි ගාස්තු හා උද්ධමනය – ඉකොනොමැට්ටා

කෙටි කාලයක් තුළ දෙවන වරටත් විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන වචන දෙකකින් කතා කරනවානම් එය එඩිතර තීරණයක්. මේ හරහා වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ සිදු වූ ඓතිහාසික වැරැද්දක් නිවැරදි වෙනවා. හැබැයි මේ තීරණය තුළින්, නොවැලැක්විය හැකි පරිදි, රටේ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත් වන බවත් ඒ එක්කම සටහන් කළ යුතුයි. විදුලි ගාස්තු සංශෝධනය වැඩිපුරම දැනෙනු…

|

රාජ්‍ය ආයතන පිලිබඳ හෙළි වූ යථාර් ථය – කීර් ති  ගොඩිගමුව

ඉතිහාසයේ යම් යම් වකවානුවල රාජ්‍ය විසින් භාරගනු ලැබූ හා අත්පත්කරගනු ලැබූ ආර්ථිකයේ යම් යම් ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා පිහිටවනු ලැබූ බොහෝ ආයතන මුල් කාල වකවානුවල දී එම අවශ්‍යතා ඉටු කළ බව පෙනෙන්නට තිබිණි. එසේ වුව ද, කල් ගතවීමේ දී විශේෂයෙන් ම දේශපාලන බලපෑම් වලට යටත්වීමේ සහ දේශපාලන අවශ්‍යතා ඉටු කරන ආයතන බවට පත්වීමේ තත්ත්වයක් තුළ රටට…

|

සේවාදායකවාදී රාජ්‍යය නැවත ජය ගනියි ද?- මහාචාර් ය රොහාන් සමරජීව

2023 සඳහා මා ලියු පළමු ලිපියේ මෙසේ සඳහන් කළෙමි. 2022 වසර අපට පෙන්වා දුන් යමක් ඇත්නම්, එය වන්නේ, පක්ෂයට ඉදිරියෙන් රට තබාගෙන එකට වැඩ කිරීමට අපගේ දේශපාලන පන්තිය අසමත් බවයි. ඉදිරියේ ඇති අතිවිශාල අභියෝග හමුවේ මෙය අවාසනාවන්ත තත්ත්වයකි. මෙම අර්බුදය අවසන් වීමට බොහෝ දුර ය. වසංගතයෙන් සහ අගුළු දැමීම්වල බලපෑම් මගින් සංයුක්ත වූ උද්ධමනය සහ…

|

බලශක්ති ක්ෂේත්‍රයෙන් විදේශ ආයෝජකයින් බැහැර කිරීමේ ජවිපෙ සැලසුමේ තේරුමක් තිබේ ද ? – මහාචාර් ය රොහාන් සමරජීව

  තමන් ප්‍රතිපත්ති සම්පාදනය කරන ක්ෂේත්‍ර පිළිබඳව අධ්‍යයනය කිරීමේ උතසාහයකින් තොරව ප්‍රතිපත්ති යෝජනා කිරීමට, දේශපාලඥයෝ සහ ඔවුන්ගේ උපදේශකයෝ පෙළඹී සිටිති. සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ දී ක්‍රියාත්මක කොට පසුව ඉවත් කරගත් ග්ලයිෆෝසෙට් තහනම එක් උදාහරණයකි. රතන හිමියන් එයට උපදෙස් දුන් නමුත් ග්ලයිෆොසෙට් සඳහා පිළිගත හැකි විකල්පයක් හඳුනාගැනීමට උත්සාහයක් දැරුවේ නැත. ප්‍රතිඵලය වුයේ ග්ලයිෆොසෙට් වලට වඩා හානිකර, අනුමත…

| |

බදු පැනවීමේ අරමුණ සමාජ සුබසාධනයයි – මහාචාර්ය සමිත හෙට්ටිගේ – ක්වාලාලම්පූර් විශ්වවිද්‍යාලය

බදු සම්බන්ධ කතා බහ අලුත් දෙයක් නොවේ. එයට දිගු ඉතිහාසයක් තිබේ. එදා රජ දවස පටන් විවිධාකාර බදු පැනවූ බව ඉතිහාසයෙන් ද පෙන්වා දෙයි. එහෙත්, මේ දිනවල රාජ්‍ය බදු පිළිබඳ සමාජයේ විවිධ කතා බහ පැතිරේ. ඉහළ ආදායම් ලබන විද්වතුන් සඳහා පනවන ලද බදු ක්‍රමය සහ ඒ බදු මත පනවා තිබූ සමහර කොන්දේසි ලිහිල් කිරීම, කාලීන සමාජ…

|

IMF අත ළඟයි! – ලංකාව වෙනුවෙන් පැරිස් සමාජයෙන් මූල්‍ය ඇපකර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හිමිවීමට ඇති ණය මුදල වෙනුවෙන් මූල්‍ය ඇපකර ලබාදීමට ණය දෙන රටවල ප්‍රමුඛ කණ්ඩායමක් වන පැරිස් සමාජය පියවර ගෙන ඇත.ශ්‍රී ලංකාවේ මේ වනවිට උද්ගත ව ඇති දැඩි මූල්‍ය අවපාතය හේතුවෙන් ආර්ථිකමය වශයෙන් අසීරු අඩියක සිටින හෙයින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ඇප පැකේජයක් සඳහා පැරිසි සමාජය මෙම සහාය ලබාදෙයි.පැරිස් සමාජය යනු 1956…

|

වැරැද්ද රනිල්ගේය ! – කුලසිරි ලියනගේ

      ජනාධිපති රනිල් රට බාර ගන්නා විට රටේ තිබුණේ ඉන්ධන පෝලිම්ය. ගෑස් පෝලිම්ය. කිරිපිටි පෝලිම්ය. ඖෂධ පෝලිම්ය. ආහාර පෝලිම්ය. ගොවියන්ට පොහොර නැත. පැය 10-12ක විදුලි කප්පාදුවක්ය. භාණ්ඩ මිල දවස ගාණේ ඉහළ යමින්ය. ව්‍යාපාර කර්මාන්ත වැසී යමින්ය. ආදායම් මාර්ග ඇහිරී යන එන මං නැතුවය. ජනතාවගෙන් දෙකෙන් පංගුවක් හිටියේ හෙට දවසක් ගැන කෙසේ වෙතත් වේලක්…

|

ජවිපෙ/ පරිපාලන සේවා සමිති ආදායම් බදු යෝජනා ප්‍රෙහෙලිකාව – මහාචාර් ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව ගොදුරු වී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය ආරම්භ වීමට හේතු වුයේ ඇතැම් අතාර්කික බදු ඉවත් කිරීම් ය. අර්බුදයෙන් ගොඩ යෑමට බදු වැඩි කිරීම අවශ්‍යයෙන් ම සිදුවිය යුතු ය.ශ්‍රී ලංකාවට තම ණය ගෙවීමට හැකි වන්නේ ද යන්න ගැන ඉතාමත් තීරණාත්මක දර්ශකය වන්නේ ප්‍රාථමික ගිණුමේ ශේෂය වන අතර ඒ පිළිබඳව ඉලක්ක සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර…

|

ළිං මැඩි සංකල්ප පසෙකලා ජාත්‍යන්තරයට විවර වෙමු – දුෂාණි එදිරිසිංහ

  දෙදහස් පන්සියයක පමණ ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව අද හැත්තෑපස් වන නිදහස් සැමරුම අති උත්කර්ෂවත් ලෙස සමරනවා. පෘතුගීසි, ලන්දේසි පාලන සමය අහවර වීමත් සමඟ ලංකාව වසර එකසිය තිස් තුනක් ඉංග්‍රීසීන්ගේ කිරීටයක් බවට පත්වෙලා තමයි තිබුණේ. ඉතින් මේ නිසා ශ්‍රී ලාංකික මිනිහාගේ නිදහසේ අයිතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පූජා කිරීමට සිද්ධ වුණු වග ඔයාලා දන්නවා. ඒ…