සේවක වැටුප් ව්‍යුහය අලුතින් හදන්න කොමිසමක් එයි

රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේද වැටුප් සමාලෝචනය කරමින් නව වැටුප් ව්‍යුහ සකස් කිරීම සදහා කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇති බව වාර්තාවෙයි . රාජ්‍ය ආයතනවල එක් එක් ශ්‍රේණියේ සේවක සංඛ්‍යා තීරණය කිරීමද මෙම කොමිසමට පැවරෙනු ඇත . රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීම මුලික වැටුපට එක් කිරීමෙන් ඇතිවන වැටුප් විෂමතා ඉවත්කිරීම…

වසර කිහිපයකින් ලංකාව ඉහළ මැද අදායම් ලබන රටක් වේවි – ආසියානු සංවර්ධන බැංකුව

දැන් පහල මැද අදායම් ලබන රටක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාව ඉදිරි වසර කිහිපයකදී ඉහළ මැද අදායම් ලබන රටක් බවට පත්වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව නිකුත්කළ අලුත්ම වාර්තාවේ සදහන්ය . දකුණු ආසියාවේ වැඩිම සංවර්ධන විභවයක් ඇති රට ලංකාව බවද එම සමාලෝචන වාර්තාවේ සදහන්ය . ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටියි…

|

අඩු වැටුපට ඉන්දියානුවන් ගෙනත් අපේ වැටුප් වැඩිකරන හැටි – සී ජේ අමරතුංග

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යන ආර්ථික හා තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුමට එරෙහිව මේ වනවිටත් වෘත්තීයවේදීන් අවි අමෝරාගෙන සිටින බව පෙනෙන්නට ඇත. එට්කා ලෙස හඳුන්වනු ලබන මෙම ගිවිසුම අත්සන් කළහොත් ලංකාවේ සේවයට ඉන්දියානුවන් බුරුතු පිටින් පැමිණීමෙන් ශ්‍රී ලාංකිකයන්ට රැුකියා නැතිවන තත්ත්වයක් ඇතිවන බවත් කියති. ඉන්දියාවේ අති විශාල රැුකියා විරහිත ප‍්‍රශ්නයක් තිබීමත් එරටෙහි අඩු වැටුප්…

ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම් ශ්‍රී ලංකාවට වාසිදායකයි – මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

ඉන්දියාව සමග වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළුවීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් ඒ පිලිබදව ඇතැමුන්ගේ විවේචනවල පදනමක් නැති බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන මහතා කියයි . ඉන්දියාව සමග අත්සන් කරන්නට යන ඊ ටී සී ඒ ගිවිසුමත් එහිදී ආණ්ඩුව ක්‍රියාකරන ආකාරයත් පිලිබදව ඩේලි එෆ් ටී පුවත්පතට ලියු ලිපියකින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත…

ඉන්දියානුවන්ට එන්නදෙන කොන්දේසි හදන්න පරිගණක සමාජයට හා මෘදුකාංග සමාගම් සංවිධානයට බාරදෙයි .

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යන භාණ්ඩ හා සේවා සහයෝගිතා ගිවිසුම යටතේ ඉන්දියානු මෘදුකාංග ඉංජිනේරුවන්ට ශ්‍රී ලංකාවට පැමිණ සේවය කිරීමට ඉඩ දෙන කොන්දේසි සකස් කිරීමේ වගකීම ශ්‍රී ලංකා පරිගණක සමාජයට හා ස්ලාස්කොම් (SLASSCOM) ලෙස හැදින්වෙන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංවිධානයට පැවරීමට රජය කටයුතු කොට ඇති බව ශ්‍රී ලංකා පරිගණක සමාජයේ ආරංචි…

සේවා ගිවිසුම් බැරිනම්, ගෝලිය සැපයුම් දාමයට ඇතුල්වෙන්න බෑ – මහාචාර්ය රොහාන් සමරජීව

පෙර ලිපියේ අවසානයේ දී කථාකළ ගෝලීය සැපයුම් දාමයෙන් මේ ලිපිය ආරම්භ කිරීම වඩාත් සුදුසු ය. සැපයුම්දාම ක්‍රියාවලියක් ලෙස අපි අගලුම් කර්මාන්තය ගතහොත්, සිප් එක එක් රටක හදනවිට, බොත්තම් හදන්නේ තවත් රටක ය. රෙදි නිපදවන්නේ වෙනත් රටක ය. ඒ සියල්ලම එකතුකර මේ රටේ නිපදවන ඇඳුම වෙනත් රටකට අපනයන කරති. මේ වෙනුවෙන් වෙළඳ ප්‍රචාරණය කෙරෙන්නේ වෙනත්ම රටක…

දුම්රිය විදුලියෙන් දුවන සැලසුම ඉබි ගමනින්

ශ්‍රී ලංකා දුම්රිය සේවයට විදුලි දුම්රිය හදුන්වාදීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කමිටුව මාස පහකට පසු රැස්වී ව්‍යාපෘති කාර්යාලයක් හා නිලදාරීන් පත් කිරීමට තීරණය කල බව වාර්තා වෙයි .මහා මාර්ග ,බලශක්ති , හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ හවූල් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය . පළමු අධියර ලෙස වේයන්ගොඩ සිට පානදුර දක්වා විදුලි දුම්රිය සේවය අරම්බකිරීමේ ව්‍යාපෘතිය…

මහ බැංකුව ඩොලර් ගිණුම් නිදහස් කරයි

විදේශවල සේවය කරන හෝ කල ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් මෙරට බැංකුවල පවත්වාගෙන යන ගිණුම් වලන් නිදහසේ මුදල් ඉවත්කර ගැනීමට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉඩදෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව ඊයේ නිවේදනය කළේය . ඒ අනුව ඩොලර් 10,000ක් දක්වා මුදලක් ඕනෑම මොහොතක ඉවත්කර ගැනීමට ඉඩ දී ඇත . මීට පෙර මෙලෙස මුදල් ඉවත්කර ගැනීමට අවසර දෙනු…

ඉන්දීය විශේෂඥයින් පැමිණිම ගැන තිබෙන කැක්කුමේ රහස !- මහාචාර්ය රොහාන් සමරජීව

ලිපියේ දෙවැනි කොටසින් පෙන්වා දුන් පරිදි මේ හැමදෙනා ම තමන්ගේ වැඩවලට ඉන්දියන්කාරයින් පාවිච්චි කර තිබේ. ඔවුන් එසේකර ඇත්තේ සංචාරක වීසා ගෙන මෙරටට පැමිණීමෙනි. ඇත්ත තත්ත්වය ඒක ය. එය එසේ වූව ද ඒ අයම බොරුවට කෑ ගහති. එතන දි මම තව එක පියවරක් ඉදිරියට ගොස් කථාකරන්නට කැමති ය. ඉන්දියන් විශේෂඥයින් පැමිණිම පිළිබඳ මේ අයට තිබෙන ඇත්ත…

ඉන්දීයනූන්ගේ සහාය නොගත් එකදු මෘදුකාංග සමාගමක් ලංකාවේ නෑ.- මහාචාර්ය රොහාන් සමරජීව

තාක්ෂණයේ දියුණුවත් සමග සේවා ආර්ථිකයේ විප්ලවීය වෙනසක් සිදු වී තිබේ. මේ නිසා භාණ්ඩ හුවමාරුවට අමතරව, සේවාවන් සපයන වෘත්තීයවේදීන්ගේ සහාය ද හුවමාරු කරගැනීමට ද සිදුවී ඇත. වෙනත් රටවල් අපේ වෘත්තීයවේදීන්ගේ සේවාවන් අප ලබාගන්නා සේම වෙනත් රටවල වෘත්තීයවේදීන්ගේ සේවය මේ රටේ ව්‍යවසායකයින් ලබාගැනීම අද පුදුමයට කාරණයක් නොවේ. ඉන්දීය වෘත්තීයවේදී හූ මෙයට පැහැදිළි උදාහරණයක් සපයති. මේ පිළිබඳ සාකච්ඡා…

වෙළඳ ගිවිසුම් නැතිව භාණ්ඩ ගන්නේ කවු ද? – මහාචාර්ය රොහාන් සමරජීව

බුදුන්ගේ කාලයේ තපස්සු භල්ලු වෙළඳාමේ යනවිට විශේෂ තහංචි තිබුණේ නැත. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදින් යටතේ ද වෙළඳාම් කළේ වී නමුත් ඒ යටතේ තිබුණේත් බරපතල නැති තහංචි ය. එය ද බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් පිට වෙළඳම් කරන එක ගැන ය. ඒවායින් බදු අය කරගන්නට රාජ්‍ය උත්සුක වූයේ ඒ ඒ රාජ්‍යයන්ගේ ආදායම වෙනුවෙනි. එසේ කළේ රැකියා උත්පාදනය යන දේවලට නොව, රජයට…

ඩැවෝස් ලෝක ආර්ථික සංසදයෙන් ශ්‍රී ලංකාව දීප්තිමත් ස්ථානයක් වනු ඇති බවට බලාපොරොත්තු – අජිත් පැරකුම් ජයසිංහ

අගමැති රනිල් වික්‍ර‍මසිංහ විශේෂ ආරාධනයක් මතස්විට්සර්ලන්තයේ ඩැවෝස්හි පැවති ලෝක ආර්ථික සංසදයට සහභාගි වුණා. ලංකාවේ ආර්ථික අපේක්ෂා සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කරනසුළු මෙම සිදුවීම කෙරෙහි ලංකාවේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම ලිපියේ අරමුණ ඩැවෝස් ගමනින් ශ්‍රී ලංකාවට ලැබුණු වාසි පිළිබ සාකච්ඡා කිරීමයි. සංසදයට පෙර දිනයේ පැවති ස්විස් ආසියානු වානිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 100ක්…