කෝප් වාර්තාවේ නිර්දේශ පරිදි ඊ.පී.එෆ්’. පිළිබඳ පරික්ෂණයක් වහා පැවැත්විය යුතුය – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන (පළමු කොටස)
2015 පෙබරවාරියේ සිට 2016 මැයි දක්වා මහ බැංකුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් සොයා බැලූ කෝප් වාර්තාව, වෙනත් නිර්දේශයන්ට අමතරව, ‘සේවක අර්ථ සාධක අරමුදලට’ අදාල ඉතා බරපතල නිර්දේශයක් ඉදිරිපත් කොට තිබේ. 2010 සිට 2016 මැයි මාසය දක්වා ‘සේවක අර්ථසාධක අරමුදලේ’ ක්රියාකාරීත්වයට අදාළව සිදු වී ඇති බවක් පෙනෙන ආයෝජන අක්රමිකතා, නොහොබිනා කම්, අවකල් ක්රියා සහ එහි සාමාජිකයන්ට අත්කර…
