|

රුපියල තව ඉහළට ; ඩොලරය රුපියල් 311 ට බසී

    ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යෑම අඛණ්ඩව පෙන්නුම් කරමින් අද දිනයේ ගනුදෙනු ආරම්භ වන විට ඇමෙරිකානු ඩොලරය රුපියල් 311 මට්ටමට පැමිණ තිබු බව වාර්තා වෙයි. උදෑසන ගනුදෙනු ආරම්භයේ දී ඩොලරය රුපියල් 310.50 ට ද අලෙවි වූ බවත්, පසුව එය රුපියල් 311,00 -311.50 වශයෙන් ස්ථාවර වූ බවත් වෙළෙඳපොළ වාර්තා සඳහන් කරයි. පෙරේදා (31) රුපියල්…

|

2023 සංචිත මුදල් සැපයුම – ඉකොනොමැට්ටා

සල්ලි අච්චු ගැසීම ගැන පසු ගිය කාලයේ රටේ බොහෝ දෙනෙක් කතා කළා. මෙසේ කතා කළ ඇතැම් අයට සල්ලි අච්චු ගැසීම කියන සංකල්පය ගැන නිරවුල් අවබෝධයක් නොතිබූ බැවින් අප විසින් වරින් වර මේ හා අදාළ තාක්ෂණික කරුණු පැහැදිලි කර තිබෙනවා. සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන…

|

2023 වෙළඳ ගිණුම ; රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,484කින් ඉහළට

පසුගිය (2023) වසරේ වෙළඳ ගිණුම හා අදාළ සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගිය දෙවසර තුළ දැකිය හැකි වූ තත්ත්වයට සාපේක්ෂව වසරේ අපනයන ආදායම ඩොලර් මිලියන 11,911 දක්වා පහත වැටී ඇති නමුත් ආනයන වියදම් වල ඊට වඩා වැඩි පහත වැටීමක් දැකිය හැකි නිසා පසු ගිය වසර අවසන් වන්නේ වසර දොළහක කාලයක් තුළ, එනම්…

|

ඩොලරය තවත් පහළට. මහ බැංකුව මෙසේ කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 310.54 ක් සහ රු. 320.40 ක් ලෙසින් සටහන් වී තිබේ. මේ අතර අද දින එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) 2023…

|

ඩොලරය තවත් රුපියලකින් බහී

ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම තවදුරටත් තහවුරු කරමින් අද දිනයේ ඩොලරයේ අගය තවත් රුපියලකට වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇති බව වාර්තා වෙයි. අද උදෑසන රුපියල් 316.90/317.05 මට්ටමින් ගනුදෙනු වූ ඇමෙරිකානු ඩොලරය අද සවස ගනුදෙනුවල සටහන් වන්නේ රුපියල් 315.50 /70 අගයකින් පැවති බව යි.

|

යහපාලන කාලයේ ණය වැඩි වීම – ඉකොනොමැට්ටා

මේ සමඟ පළ කරන වගුවෙහි තිබෙන්නේ 2015-2019 අතර එක් එක් වසර වලදී සහ සමස්තයක් ලෙස රාජ්‍ය අයවැය තුලනය වූ ආකාරය. මැතිවරණ වසරක් වූ 2015දී රජයේ ආදායම් අඩු වී වියදම් ඉහළ ගියා. රජය එම වසරේ වියදම් වෙනුවෙන් (පැරණි ණය ආපසු ගෙවීම් හා පොලී ගෙවීම් හැර) එම වසරේ රාජ්‍ය ආදායමට වඩා රුපියල් බිලියන 319.8ක් වැය කළා. එනම්,…

|

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර – ඉකොනොමැට්ටා

මේ ලිපිය සමඟ පළ කර ඇති වගුවේ තිබෙන්නේ මෙතෙක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පිළිබඳ විස්තර. මුළු බැඳුම්කර ප්‍රමාණය දහ අටක් වන අතර එම බැඳුම්කර වල මුහුණත වටිනාකම්හි එකතුව ඩොලර් මිලියන 17,550ක්. ඉහත බැඳුම්කර දහ අටෙන් හතක් මේ මේ වන විට කල් පිරී අවසන්ව ඇති අතර එම බැඳුම්කර වල කූපන්…

|

උමා ඔයෙන් මෙගා වොට් 120 ක විදුලිය පෙබරවාරි 15 දා සිට ජාතික පද්ධතියට

  උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියෙන් ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සැපයීම පෙබරවාරි 15 දා සිට ඇරඹෙනු ඇතැයි වාර්තා වෙයි. එමගින් ජාතික පද්ධතියට මෙගා වොට් 120 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිත ය. උමා ඔය ව්‍යාපෘතිය මගින් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වාරි කටයුතු සඳහා සහ පානීය ජලය සැපයීමට ද කටයුතු කෙරෙයි. මෙම ව්‍යාපෘතිය 2018 දී…

|

අපනයන කළ යුත්තේ ඇයි? – ඉකොනොමැට්ටා

කිසියම් රටක නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් කොටසක් අපනයනය කළ යුතු බව විවිධ ආර්ථික අදහස් පිළිගන්න හා විවිධ දේශපාලනික මත දරන අය පුළුල් ලෙස පිළිගන්නා කරුණක්. සංවෘත, ජාතික සමාජවාදී ආර්ථිකයක් වෙනුවෙන් හෝ ආරක්ෂණවාදය වෙනුවෙන් පෙනී සිටින අය පවා අපනයන ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ගැන කතා කරනවා. එවැනි අය විරුද්ධ වෙන්නේ ආනයන වලටයි. රටක් අපනයන කළ යුත්තේ…

|

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට 3 දා අත්සන් තබනවා – ජනාධිපති

  තායිලන්තය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමට ලබන පෙබරවාරි මස 3 දා අත්සන් තබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එහිදී ජනාධිපතිතුමා මෙසේ ද කී ය. ” තරගකාරී වෙළෙඳ පොළක් සමඟ අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුයි. පෙබරවාරි 03 වැනිදා අප තායිලන්තය සමඟ ගිවිසුම අත්සන් තබනවා. තායිලන්තය අපේ රට…

|

පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය – ඉකොනොමැට්ටා

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ කවුරුත් දන්න සිදුවීම එක්ක. ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නට අවශ්‍ය නොවෙතත්, මේ මරණය පාදක කර ගෙන කතා කළ හැකි…

|

ඩොලරය රුපියල් 317 ට බසී

  රුපියල තව දුරටත් ශක්තිමත් වෙමින් අද උදෑසන ඇමෙරිකානු ඩොලරය රුපියල් 317.10/40 මට්ටමට පැමිණි බව වාර්තා වෙයි. අවසන් ගනුදෙනු දිනය වූ බදාදා සවස එය හුවමාරු වුයේ රුපියල් 318.10/40 අගයකට  ය. මාසයකට වැඩි කලක් තිස්සේ රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා මගින් පෙන්නුම් කරයි.