ජාතික විගණන කෙටුම්පත: ඔවුන් එය රස්තියාදු කළ යුතුද?-ලැසිල් ද සිල්වා
විගණන පනත් කෙටුම්පත මගින් ‘ස්වාභාවික යුක්තියට’ අදාළ රීතීන් උල්ලංඝනය කරනු ලැබේදැයි සළකා බැලීම සඳහා ආචාර්ය සරත් අමුණුගම ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් සහ රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා සහ රවි කරුණානායක යන ඇමතිවරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් අනුකාරක සභාවක් පිහිටුවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (2) වගන්තියට අනුව කැබිනට් අමාත්‍යවරු, ‘පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ උත්තර බැඳීමට’ බැඳී සිටිත්. ‘ආණ්ඩුවට මග පෙන්වීම…
