|

ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ගැන විශ්වාසය බිඳිලා ; තත්ත්වය භයානකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ විශ්වාසය දිගින් දිගටම පළුදු වෙමින් තිබෙන බවත් ආණ්ඩුව තවදුරටත් බොරු කරනවා වෙනුවට මේ ඇත්ත ප්‍රශ්නයට මුහුණ දියයුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.”මම දැන් සති කීපයක් තිස්සෙම දිගින් දිගටම දැනුවත් කළා විශාල ආර්ථිකමය, මූල්‍යමය ගැටළුවකට ආණ්ඩුව මුහුණදෙමින් තියෙනවා කියලා. ඔවුන් කියන්නේ එහෙම…

|

පීලි පැන්න සැහැල්ලු දුම්රිය හා කැලණි වැලි දුම්රිය – නිශාන්ත කමලදාස

මෙම බ්ලොග් අඩවියේ මෙතෙක් පල කළේ මා ලියූ දේ පමණ ය. අද එයින් වෙනස් ව සිලොන්ටුඩේ පුවත් පතේ ඉංග්‍රීසියෙන් පල කරන ලද “පීලි පැන්න සැහැල්ලු දුම්රිය හා කැලණි වැලි දුම්රිය” යන පුවතේ මුල කොටස සිංහලට පෙරලා පල කරන්නට අදහස් කළෙමි. ඒ මුල් කොටස තුළ මේ ව්‍යාපෘති සම්බන්ධ ඇති ව තිබෙන විසංවාදයේ ප්‍රධාන පාර්ශව දෙකේ (ලලිතසිරි…

ගනුදෙනු වල දී සූරා කෑමෙන් තොර සාධාරණත්වය – නිශාන්ත කමලදාස
|

ගනුදෙනු වල දී සූරා කෑමෙන් තොර සාධාරණත්වය – නිශාන්ත කමලදාස

පහළ ඇත්තේ ට්විටර් පණිවුඩයකි. The economy is ultimately our material relationship with each other and with the rest of the living beings. Do we want that relationship to be based on extraction and exploitation or do we want it to be based on reciprocity and care? ඉහත ප්‍රකාශය සිංහලට පෙරළුවොත් අදහස මෙසේ ය. ආර්ථිකය යනු…

ණය සහන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් කුමක් සිදුවෙයිද?
|

ණය සහන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් කුමක් සිදුවෙයිද?

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතිය අහෝසි කිරීමට ගත් තීරණය දේශීය වශයෙන් ආයතන රෙගුලාසි මෙන්ම මුල්‍ය ප්‍රතිපත්තිවලට අදාළව ද විදේශීය වශයෙන් ජාත්‍යන්තර සබදතා පිළිබඳව ද ගැටලු ඇතිවිය හැකි බව විශ්ලේෂකයන් හා නිලධාරීන් පෙන්වා දෙති. අදාළ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා මහාමාර්ග අමාත්‍යංශයට…

|

ඔරොත්තු දෙන ආහාර සැපයුමක්: නියෝග මගින්ද? වෙළෙඳපොළ තුළින්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

කොවිඩ් උත්සන්න කළ ආහාර අර්බුදය සුමටව ක්‍රියාත්මකව තිබුණු යමක් අපගේ අවධානයට ලක් වන්නේ එය බිඳ වැටුණු විට ය. 1980 ගණන් දක්වා අපගේ පැවැත්මේ කේන්ද්‍රීය මෙවලමක් වූ සලාක පොත අහෝසි වීමෙන් පසුව ශ්‍රී ලාංකික පාරිභෝගිකයනට ආහාර සපයා දුන් සැපයුම් දාමයනට බරපතළ හානි සිද්ධවුයේ කොවිඩ් 19 වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා කෙටි දැනුම් දීමකින් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්…

|

විදෙස් සංචාරකයන්ට ගුවන්තොටුපොළ හෝටල් අගෝස්තු 1 දා සිට ඇරේ !

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් සඳහා  ගුවන්තොටුපොළ විවෘත කිරීම අගෝස්තු 1දා සිදුකිරීමට රජය තීරණය කොට ඇති බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි.සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි  හෝටල් සහ ආපන ශාලා විවෘත කිරීමට ද එදින සිට අවසර ලබාදෙන බව නිවේදනය කොට ඇත. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොකළ නවාතැන් පොළවල් හා ආපන ශාලා සඳහා අවසර ලබාදීම පසු අවස්ථාවක සිදු කරන බව කියති….

චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක්

චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක හදිසි ණයක් ලබා දී තිබේ. එම ණය ලබාදීමේ ගිවිසුමට ඊයේ අත්සන් තැබිණි. ශ්‍රී ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන දෙකක ණය මුදලක් ඉල්ලා ඇති අතර මෙලෙස ලබා දී ඇත්තේ ඉන් කොටසක් පමණකි. වසර දහයකින් ගෙවා නිමකිරීම සදහා මෙම ණය මුදල ලබා දී තිබේ.

මේ සතිය තුළ තෙවැනි දිනටත් කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු නවතී !

අද (13) පෙරවරුවේත් ගනුදෙනු ආරම්භ වී පැය බාගයක් තුළ කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සිදුව තිබේ.  ඒ, අද උදෑසන 10.02 වන විට S&P SL20 දර්ශකය 05.04%කින් පහළ වැටීම නිසාය.  සියලු කොටස් මිල දර්ශකය ද ඒකක 5000න් පහළට පැමිණෙමින් 4810.10ක් ලෙස සටහන් වී තිබිණි

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු ය – අඩ්වෝකාටා ආයතනය

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු බව  අඩ්වෝකාටා ආයතනය සිය  නවතම අධ්‍යයන  වාර්තාව එළිදක්වමින් කියයි ” පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි’ ලෙස හදුන්වා  ඇති  මෙම වාර්තාව සකස් කොට ඇත්තේ දිවයින පුරා  කළ සමීක්ෂණයක ප්‍රතිඵල වශයෙනි    “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” වාර්තාව එළිදැක්වීම…

බදු කැපීම ආර්ථිකයට තල්ලුවක්ද? – මහාචාර්ය සිරිමල් අබේරත්න

රජයකට ආර්ථිකයට මැදිහත්වීමට මූලික ප්‍රතිපත්ති දෙකක් තිබේ. එකක් නම් මූල්‍ය ප්‍රතිපත්තියයි. අනෙක පිස්කල් ප්‍රතිපත්තියයි. පිස්කල් ප්‍රතිපත්තියට මූලික ක්‍රමවේද දෙකකි. එකක් නම් බදු ප්‍රතිපත්තිය හරහා ආර්ථික කටයුතුවලට මැදිහත්වීමයි. අනෙක නම් රාජ්‍ය වියදම් වැඩි කිරීම හරහා රටේ සමස්ත ඉල්ලුම හෙවත් සමහාර ඉල්ලුම වැඩි කිරීමට මැදිහත්වීමය. එසේ බලද්දී නව රාජපක්ෂ රජය බදු කපා හැරීම හරහා ආර්ථික කටයුතු විශාල…

|

ශ්‍රී ලංකාවේ නව ජනපති හා ආණ්ඩුවට ඇති ආර්ථික අභියෝග: “2015ට පෙර ගත් ණය ගෙවන්න සිදුවන වසර 5ක්”

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ සහ අලුතින් පිහිටුවන රජයට ඉදිරියේදී ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෙකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරට පෙර ලබාගත් ණය, ඉදිරි වසර පහ තුළදී ගෙවීමට සිදුවීම ඉන් ප්‍රධාන අභියෝගයක් බවය….

|

යුග දෙකක සංවර්ධනය

වික්ටෝරියා ජලාශය සහ හම්බන්තොට වරාය නෙළුම් කුලුන ගැන ද අමතර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැත. වත්මන් ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කළ ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ බදු ආදායමෙන් සෑම වසරකටම රුපියල් බිලියන 2.5ක් බැගින් ඒ සඳහා ගෙවීමට සිදුව ඇත. එය තවත් වසර 10ක් ඉදිරියට කරගෙන යා යුතුව තිබේ. හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගණය (වරාය අධිකාරියෙන් ණය ගෙවන ලදී.), ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා…