|

මෙරට උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. අද (30) නිකුත් කළ වාර්තාවට අනුව ඔක්තෝබර් මාසයේ වාර්තා වූයේ 66.0%ක අගය නොවැම්බර් මාසයේ දී 61.0%ක් දක්වා පහළ ගොස් ඇත. මේ ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ පැවති  85.6% සිට නොවැම්බර් මාසයේ දී 73.7% දක්වා පහළ…

|

බැංකු පොලී අනුපාත පහළට – ශ්‍රී ලංකා බිස්නස් ටී වී

    ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉහළ බැංකු පොලී අනුපාතික ඉදිරි දිනවල පහත වැටෙනු ඇති බව ශ්‍රී ලංකා බිස්නස් ටී වී ආර්ථික විශ්ලේෂක ජයන්ත කොවිලගොදගේ මහතා ප්‍රකාශ කරයි. තැන්පතු සඳහා බැංකු අතර තරඟ කිරීම නවත්වන ලෙස මහ බැංකු අධිපති ආචාර් ය නන්දලාල් වීරසිංහ මහතා බැංකුවලට පසුගිය දා උපදෙස් දීමෙන් මේ බව පැහැදිලි වන බව ඒ…

|

මූල්‍ය අරමුදලේ විසඳුම් වේදනාකාරි විය හැකියි -ආචාර් ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ…

|

අය-වැය අධීක්ෂණ කාර් යාංශයක් පිහිටුවීම ධනාත්මක දෙයක් – ධනනාත් ප්‍රනාන්දු

  රජයේ සමාගම් ලාභ ලැබුවට කාර්යක්ෂම නැහැ රාජ්‍ය සේවකයන්ට ස්වේච්ඡා විශ්‍රාම ක්‍රමයක් දිය යුතුයි නිදහස් වෙළෙද ගිවිසුම් යෝජනාව කාලීනයි හණමිටි කම්කරු නීති වෙනස් කරන්න ඕනෑ මහ බැංකුව අනවශ්‍ය විදියට රජයට ණය දුන්නොත් අමාරුවෙ වැටෙන්න පුළුවන් ණය අර්බුදයෙන් ගොඩ ඒමට අය වැයෙන් යෝජනා කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන හා ස්ථාවර ආර්ථිකයක් ඇති කිරීමට උද්ධමනය, පොලී අනුපාතය…

|

රජය දවසකට කෝටි 1050 ක් ණය වේ

  ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා  පැවැසීය. රජයේ මේ වසරේ දිනක ආදායම ( ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා…

|

විදේශගත ප්‍රජාවගෙන් ඔක්තෝබරයේ ඩොලර් මිලියන 355 ක්

  විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 355.4 ක් දක්වා ඔක්තෝබර් මාසයේ ඉහළ ගොස් ඇත. පසුගිය පෙබරවාරි මාසය වන විට එය ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබිණි. ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව ද මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී විදේශ ප්‍රේෂණ ලැබීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ…

| |

නව ලිබරල්වාදය ගැන මිත්‍යාදෘෂ්ටික විවේචන – සී.ජේ. අමරතුංග

    බොහෝ කරුණුවල දී අවිද්‍යාත්මක හිතළු මත තම විවේචන පදනම් කරගන්නා ඇතැම් වාමාංශික විවේචකයින් ආණ්ඩුවේ අයවැය ලේඛනය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ එය නව ලිබරල් බව කියමිනි. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, වෙළෙඳපොළ බාධක ඉවත් කිරීම වැනි කරුණු බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර්, ඇමෙරිකාවේ රොනල්ඩ් රේගන් ආදීන්ගේ නව ලිබරල් ආර්ථික වැඩ පිළිවෙළ සමග ක්‍රියාවට නැගීම එයට…

|

අභියෝග ජය ගත හැකි යෝජනා රැසක් සහිත අයවැයක් – මහාචාර් ය සමිත හෙට්ටිගේ

මෙවර අය වැය තුළින් රටට ලැබෙන දීර්ඝ කාලීන ප්‍රතිලාභ මොනවාද? එසේ ලැබෙන ප්‍රතිලාභ රටේ යහපත පිණිස යොදා ගන්නේ කෙසේද රට මුහුණ දී තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා රටක් ලෙස අප කළ යුතු කාර්යභාරය කුමක්ද? යන්න පිළිබඳව ගැටුම් වැළැක්වීම පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සමිත හෙට්ටිගේ මහතා සමඟ සිදු කළ සංවාදයකි මේ. – අනාගතය ගැන බැලූ දූරදර්ශී…

|

රට වට්ටන පාඩු ලබන රාජ්‍ය ආයතන – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ රජයට අයත් ශ්‍රීලංකන් එයා ලයින්, ශ්‍රී ලංකා ටෙලි කොම්, හිල්ටන්, වෝටර්ස් එජ් සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යන ආයතන ප්‍රතිව්‍යූහගත කරන බව සඳහන් වේ. රජයට අයත් ටෙලිකොම් සහ රක්ෂණ සංස්ථාව වැනි ආයතන විකුණා දැමීමට යන බවත් එය රත්තරන් බිජු දමන…

|

යහපත් ආර්ථිකයකට රට ගෙන යන අය වැයක් – ජ්‍යේෂ්ඨ කථිකාචාර් ය චම්පිකා ර්ධමදාස

  පසුගිය දා ජනාධිපතිවරයා විසින් 2023 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි. දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින වාතාවරණයක ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අය වැයේ ඇති යෝජනා පිළිබඳ විමසා සිටීම වැදගත්ය. ඒ පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චම්පිකා ධර්මදාස මහත්මිය සමඟ කළ සාකච්ඡාවකි මේ. ගෙවන බදුවලට…

|

නව ගමනකට අයවැයෙන් පාර කැපුවාද? – මහාචාර් ය සිරිමල් අබේරත්න

  ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ සහන අයවැය ලේඛනය. තමන්ට ලැබෙන සහන කවරේද යන කාරණය මත ජනතාව අයවැය පිළිබඳ උනන්දු විය. ප්‍රමාණවත් ආදායමක් නොතිබුණද බලයේ සිටි ආණ්ඩු අයවැය මගින් සහන ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඊට සාපේක්ෂව රාජ්‍ය ආදායම් ඉහළ නොගියේය. එබැවින් ණය ලබා ගෙන රට දුවවන ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ…

|

ජයග්‍රාහී සූත්‍රය ගැන රනිල් කියයි

  2023 අයවැය පුළුල් ඉදිරිදර්ශනයකින් විනිශ්චය කරන ලෙස පුද්ගලික අංශයට අවධාරනය කරයි සම්පූර්ණ ප්‍රතිසාධන ක්‍රියාවලිය වසර හතරක් හෝ 2026 වන තෙක් කල් ගතවනු ඇතැයි පවසයි පුනර්ජීවන ක්‍රියාවලියට සාමූහිකව සහාය දෙන ලෙස පුද්ගලික අංශයේ නායකයින්ගෙන් ඉල්ලායි රජය ව්‍යාපාර කරන්න අදහසක් නැහැ $7 b ලබාගැනීමේ හැකියාව ඇත්නම් වුවත් රජයට අයිති ව්‍යපාර විකිණීමට කිසිදු පැකිලීමක් නැහැ   ආර්ථික…