‘බෞද්ධයා – The Buddhist’ නාලිකාවේ හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති . අදාහන පුජෝත්සවය 8 දා

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා – The Buddhist’ නාලිකාවේ හිමිකාරත්වය දැරූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ. උන් වහන්සේගේ අදාහන පුජෝත්සවය 8 දා පැවැත්වීමට නියමිතය . අපවත් වන විට 54 වන වියෙහි පසු වූ උන්වහන්සේ කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ අතර, ඇමරිකාවට ද වැඩම කර ප්‍රතිකාර ගත්හ. පසුව ආපසු ලංකාවට වැඩමකර…

විශ්වසභංගයට අත්සන් තැබූ කතාව මහින්දානන්දගේ පචයක් !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වසභංගයට එජාප නායකයින් පිරිසක්  අත්සන් තැබූ බවට මහින්දානන්ද අලුත්ගමගේ කියන කතාව කිසිදු පදනමක් නැති බොරුවක් බව අපගේ ආරංචි මාර්ග කියයි . දේශපාලන ලෝකයේ තතුදත් එම ආරංචි මාර්ග කියන්නේ එබදු විශ්වාස භංගයක් අත්සන් කරනවා තබා සකස්කොට වත් නැති බවයි .

|

නීතිය හා සාමය අගමැති යටතට.

නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා  කටයුතු කරනු ඇත. මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.  උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස…

පොහොර වියදම ගොවීන්ගේ ගිණුමට

එළඹෙන යල කන්නයේ සිට වී, බඩ ඉරිඟු, සෝයා, මිරිස්, ලොකු ලූණු සහ අර්තාපල් ගොවීන් සඳහා පොහොර ලබා ගැනීමට වැයවන සම්පූර්ණ මුදල කන්නය ආරම්භ වීමට පෙර එම ගොවීන්ට ලබාදීමට රජය තීරණය කර ඇත. අදාළ වගාවන් සඳහා පොහොර වෙනුවෙන් වැයවන මුළු මුදල ගොවින්ගේ ගිණුම්වලට බැරකරන බවත් කෘෂිකර්මාන්ත ඇමැති දුමින්ද දිසානායක මහතා පැවසීය. ගොවි ජනතාවට මේ මොහොතේ පවතින…

ජාතික අාණ්ඩුව දිගටම – අගමැති පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පවත්වාගෙන යන ජතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහතාද ඒ බව පැවැසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට යන්නෙ නම් ගිවිසුමක් ඉදිරිපත් කළ…

ගල්යිෆොසේට් තහනම ලිහිල් කරන්න යයි

ග්ලයිෆොසේට්වලට පනවා ඇති තහනම ලිහිල් කර තේ වගාව සඳහා පමණක් ගල්යිෆොසේට් භාවිත කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (20) දහවල් පැවැති ජාතික ආර්ථික සභා රැස්වමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තාවේ. ගල්යිෆොසේට් රසායනික ද්‍රව්‍ය භාවිතය වකුගඩු රෝගය ඇතිවීමට එක් හේතුවක්…

අගමැති වෙන්න යන කතා බොරු – කරු ජයසුරිය කියයි

තමන් අගමැති ධුරය භාරගැනීමට යන බව කියන මාධ්‍ය වාර්තා තමාට අපහාසයක් බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කොට ඇත .එවැනි කිසිදු අදහසක් නැති බවත් , තමා අගමැති ධුරය භාරගන්නේ නම් එය සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීරණයකින් පමණක් බවත් ජයසුරිය මහතා කියයි . තම කිසිවිටක පක්ෂ නායකත්වයට හෝ පක්ෂයට ද්‍රෝහී නොවන බව ඒ මහතා…

ඇමති සාගල ධූරයෙන් ඉල්ලා අස්වෙයි [Breaking]

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කිරීමට තමන් අකමැති බව අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශ කර තිබේ. ඔහු ඒ බව ප‍්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයේ දැන් පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවේදීයි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ. මීට සුළු මොහොතකට පෙර සාගල රත්නායක මහතා තම ෆේස්බුක් ගිණුමේ මේ සම්බන්ධව තබා තිබු සටහන…

“රනිල් අගමැති, ආණ්ඩුව තවදුරටත්, කැබිනට් සංශෝධනයක් අත ළඟ”

එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිප එකමුතු ආණ්ඩුව තවදුරටත් පාලනය ගෙන යාමට තීරණය කර තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කළේ අද (පෙබ. 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. අද ප්‍රවෘත්ති සාකච්ඡාවට සම කැබිනට් ප්‍රකාශකවරුන් වන ගයන්ත කරුණාතිලක හා රාජිත සේනාරත්න එක්වුණ ද, අනෙක් සම කැබිනට් ප්‍රකාශකයාවන දයාසිරි ජයසේකර සහභාගී නොවීය….

මේ වසරෙ දී ඩොලර් බිලියන 2.5ක වි‍‍දේශ ආයෝජන ඉලක්කයක්

මෙම 2018 වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5ක විදේශ ආයෝජන ලබාගත හැකි වනු ඇති බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. දැනට ආරම්භ කර ඇති ඉන් එක ආයෝජනයක් වන්නේ හම්බන්තොට ඉදිකරන ස්වාභාවික වායු විදුලි බලාගාරය සඳහා චීනයෙන් ලැබෙන ඩොලර් මිලියන හත්සීයයක ආයෝජනය ය. අනෙක් විශාලතම අයෝජනය වන්නේ සිංගප්පූරු, ජපාන හා එක්සත්…

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වන පිරිසකට මෙම හමුදා නිලධාරියා ‘ගෙල…

උදයංග වීරතුංග ඩුබායි ගුවන්තොටු‍පොළේ දී ලෝක පොලිසියට කොටුවෙයි

ඉතිහාසයේ මෙරට සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් වූ මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන වංචාකරු ලෙස සැලකෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ (04) අලුයම ඩුබායි ගුවන්තොටුපොළේදී ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ‍ගෙන තිබේ. මොහු ශ්‍රී ලංකාවට ගෙන ඒම සදහා නියෝගයක් ලබා ගැනීමට නියමිත බව විදේශ තානාපති සහ පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. රට රටවල්වලට පැන…