‘බෞද්ධයා – The Buddhist’ නාලිකාවේ හිමිකාර පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වෙති . අදාහන පුජෝත්සවය 8 දා

කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ ‘බෞද්ධයා – The Buddhist’ නාලිකාවේ හිමිකාරත්වය දැරූ පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමියෝ අපවත් වී වදාළහ. උන් වහන්සේගේ අදාහන පුජෝත්සවය 8 දා පැවැත්වීමට නියමිතය .

අපවත් වන විට 54 වන වියෙහි පසු වූ උන්වහන්සේ කලක සිට රෝගී තත්ත්වයෙන් පසු වූ අතර, ඇමරිකාවට ද වැඩම කර ප්‍රතිකාර ගත්හ. පසුව ආපසු ලංකාවට වැඩමකර කොළඹ නවලෝක ‍පුද්ගලික රෝහලේ නේවාසිකව කලක් ප්‍රතිකාර ගත්හ.

උන්වහන්සේ ගිලන්ව සිටි කාලයේ ඒ හිමියන්ගේ බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඇතුළු දේපල සතුකර ගැනීමට පිරිසක් උත්සාහයක යෙදුණ බවට විවිධ කතා පැතුරුනි. උන්වහන්සේ දානපතියන්හට මෙන්ම ධනපතියන්හට උන් වහන්සේගේ නාලිකාව මගින් දර්ම දේශනා (ගුවන් කාලය) ඉහළ මිලකට අලෙවි කළේය. ‘බණ මාකටින්’ පිළිබඳවද දක්ෂයෙකු වූ උන්වහන්සේ අනුව යමින් තවත් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් එවැනි අනුකාරක නාලිකා කීපයක් පසුකලෙක ආරම්භ කළහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *