රාජපක්ෂලාට යට වෙන්නද? එපා ද? දෙකෙන් එකක් කියන්න – ජනාධිපති විපක්ෂයට කියයි

    රාජපක්ෂලාට යට නොවී තනියම වැඩ කරන ලෙස තමන්ගෙන් ඉල්ලන විපක්ෂය තමන් තනිව වැඩ කරන විට කියන්නේ රාජපක්ෂලාට යට වන ලෙස බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂලාට යටවෙන්නද ? එපා ද? යන දෙකෙන් එකක් කියන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයෙන් පසුව…

විකාශන කොමිසන්පනත හදා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික සංකල්ප යටතේ – මහාචාර්ය රොහාන් සමරජීව

” මෙම විකාශන අධිකාරී පනත  හදල තියෙන්නේ ම ප්‍රාග් ඓතිහාසික සංකල්ප යටතේ  යැයි  විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත් ලියැවිල්ල පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්ය රොහාන් සමරජීව මහතා ප්‍රකාශ කළේ ය. සංශෝධන මගින් හෝ එහි වැරදි නිවැරදි කළ නොහැකි බව ඒ මහතා වැඩි දුරටත් කියයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කළ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් ඒ මහතා මේ අදහස්…

කෙහෙලියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා  හෙට අනිද්දා සහ සෙනසුරාදා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව කීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව සඳහා දින තුනක්වත් විවාදයට අවශ්‍ය බවත්…

13 සංශෝධනය යනු ව්‍යවස්ථාවයි , එය ක‍්‍රියාත්මක කල යුතුයි – ජනපතිගේ විශේෂ ප‍්‍රකාශය

    13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ආණ්ඩුකම ව්‍යවස්ථාව කොටසක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එනිසා එය මඟහැර යා නොහැකි බව පැවසූ ඔහු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බවද සඳහන් කළේය. 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් රටට ගැළපෙන පරිදි ක්‍රියාත්මක කිරීම අවශ්‍යතාවක් බවත් පැවසූ ඒ මහතා…

සිරසට එරෙහිව තේරීම් කාරක සභාවක් පත් කරයි ; රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණ චෝදනා

  සිරස රූපවාහිනී නාලිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. එම නාලිකාවට එල්ල වී ඇති චෝදනාව වන්නේ දේශපාලන කුමන්ත්‍රණ කරමින් ජනතාව උසි ගන්වමින් වැඩසටහන් විකාශය කිරීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මෙම තීරණය ගෙන තිබේ. ජනාධිපතිවරයා ද එහිදී සඳහන්…

ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළ පනත් රජයේ යෝජනා නොවෙයි – අගමැති දිනේෂ් ගුණවර්ධන

      ආණ්ඩුක්‍රම ව්‍ය වස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට ඇති පළාත් පාලන පනත් රජයේ යෝජනා නොවන බවත් ඒවා ඉදිරියට ගෙන යාමට රජයට අවශ්‍ය නැති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමෙන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්…

හදිසි මිලදී ගැනීමක් නොකළොත් විදුලිය කපන්න වෙයි -ඇමති කංචන

සමනල වැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් අගෝස්තු මස 16 වනදා වන විට සමනල වැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇනහිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. අද (08) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ මේ තත්ත්වයෙන් මිදීමට විකල්ප විදුලිය මිල දී ගැනීමකට යා නොහැකි දිස්ත්‍රික්ක කිහිපයකට පැය 3ක විදුලි…

මිහින්තලේ ලයිට් නාට්‍යයට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

  මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. මිහින්තලේ ලයිට් කැපුවා යැයි හාමුදුරුවන් කියූ සැනින්ම නාට්ටියේ ඊළඟට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේ ජවනිකාව බව…

13 ගැන පක්ෂ යෝජනා 15 ට පෙර දෙන්න – ජනාධිපති ලේකම් පක්ෂ නායකයින්ට දන්වයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය බලාත්මක කිරීම පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල අදහස් හා යෝජනා 2023-08-15 වන දින හෝ එදිනට පෙර ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් එම පක්ෂ හා කණ්ඩායම්වල නායකයන්ට ලිඛිතව දැනුම් දී තිබේ. ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස 2023-07-26 වන දින ජනාධිපති…

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක් ; වෙන කාගේවත් නියෝග පිළිගන්නේ නැහැ – ජනාධිපති

  රාජ්‍ය මූල්‍ය පාලනය අයත් වන්නේ පාර්ලිමේන්තුවට බවත්, එබැවින් ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළේදී පාර්ලිමේන්තුවේ හැර වෙන කිසිවෙකුගේ උපදෙස් හෝ නියෝග පිළිපැදීමට රජය සූදානම් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. පැරණි දේශපාලනයේ නිරතව යළි මේ රට අරාජික කිරීමට තමා ඉඩ නොදෙන බවත්, දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට භාරගත් වගකීම ඒ අයුරින්ම ඉටු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය….

ජාතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්

  උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..     රටේ පවතින දුෂ්කරතා සහ දේශපාලන අස්ථාවරභාවය මධ්‍යයේ රටේ ජාතිවාදය අවුස්සා වෙනත් අරමුණු ඉටුකර ඉටුකරගැනීමට උත්සාහ කරන පිරිසක්…

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

  දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර ඇති බව රජය කියයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ සඳහා පනවා තිබු ආනයන සීමා මෙලෙස ඉවත් කරන බව යි . මේ වන විට ආර්ථිකය යථා…