තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවතට

 

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර ඇති බව රජය කියයි

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ සඳහා පනවා තිබු ආනයන සීමා මෙලෙස ඉවත් කරන බව යි .

මේ වන විට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් ඇති නිසා ඇතැම් භාණ්ඩ සඳහා පනවන ලද ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කරමින් පවතින බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

භාණ්ඩ වර්ග 1465 කට පනවා තිබූ ආනයන මේ වනවිට ක්‍රමානුකූලව ලිහිල් කර ඇති අතර ඉදිරියේදී අනෙකුත් භාණ්ඩවල ද ආනයන සීමා ඉවත් කිරීමට නියමිත බව ද ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *