රාජපක්ෂලාට යට වෙන්නද? එපා ද? දෙකෙන් එකක් කියන්න – ජනාධිපති විපක්ෂයට කියයි

 

 

රාජපක්ෂලාට යට නොවී තනියම වැඩ කරන ලෙස තමන්ගෙන් ඉල්ලන විපක්ෂය තමන් තනිව වැඩ කරන විට කියන්නේ රාජපක්ෂලාට යට වන ලෙස බව කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජපක්ෂලාට යටවෙන්නද ? එපා ද? යන දෙකෙන් එකක් කියන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේ ය.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයෙන් පසුව විපක්ෂය නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා මේ බව කීය.

තම යෝජනා සාකච්ඡා කළේ කැබිනට් මණ්ඩලය සමග පමණක් බවත්, රාජපක්ෂලාට පෙන්නුවේ නැති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ පොහොට්ටුවෙන් තරග කළ සියලු දෙනා මහින්ද රාජපක්ෂ මහතා සමග රැස් වී තීරණයක් ගන්නා  ලෙස සහ එය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *