ජනාධිපතිවරයාට ශිරාල් සෙට් කළ ටියුෂන් පංතිය හෙට

මීට පෙර යුක්තියේ පල වූ ප්‍රවෘත්තිය සනාථ කරමින් ජූනි මස 08වෙනි දින සවස 4.00ට ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය යන මැයෙන් ආචාර්ය දයාන් ජයතිලක එම දේශනය පැවැත්වෙන බව වාර්තාවේ. මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිත අතර මෙය සම්බන්ධිකරණ කටයුතු කර ඇත්තේ නීතිඥ ශිරාල් ලක්තිලක මහතා බව වැඩි දුරටත් දැනගන්නට ඇත….

හමුදා අවි ගබඩා පිපුරුමේ පරීක්ෂණ සී අයි ඩී යට

කොස්ගම ශාලාව හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යාම ගැන වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස නීතිය හා සාමය පිළිබද ඇමති සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත . පිපුරුම සිදුවෙද්දී ඊයේ හවසම එහි ගිය ඇමතිවරයා සිද්ධිය දුටු හමුදා නිලධාරීන් හමුවී තොරතුරු ලබා ගත අතර හදිසියේ ගතයුතු පියවර පිලිබදව උපදෙස් ලබා දුන්නේය .

කොස්ගම අවි ගබඩා පිපුරුමින් නිවාස රැසකට හානි – වහාම ක්‍රියාත්මක වීම නිසා හමුදා සහ ජන ජීවිත රැසක් බෙරේ

කොස්ගම ශාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පුපුරා යාමෙන් අවට ප්‍රදේශයට විසිවී ඇති බර අවි කොටස් නිසා නිවාස රැසකට හානි සිදු වී ඇති බව වාර්තා වෙයි . පිපුරුම පටන්ගත් මොහෙතේම ප්‍රදේශවාසීන් මෙන්ම කදවුරේ සිටි හමුදාවද ඉවත්කළ නිසා ජීවිත රැසක් ආරක්ෂා වූ බව පැහැදිලි යයි පර දේශ වාසීහු කියති . කදවුරෙන් වහාම ඉවත්වන ලෙස පිපිරුම ආරම්භ…

ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම අවි ගබඩාව පුපුරා යෑම සිතා මතා කළ කුමන්ත්‍රණයක් විය හැකියි‘ – විදේශීය විශේෂඥයෙක් පවසයි

යුද හමුදාවේ කොස්ගම මධ්‍යම උණ්ඩ ගබඩාව සම්පූර්ණයෙන් පුපුරා යෑම සිතාමතා කරන ලද කුමන්ත්‍රණයක් විය හැකි යැයි උණ්ඩ ගබඩා කිරීම සම්බන්ධ විදේශීය විශේෂඥයෙකු ලංකා ඊ නිව්ස් අමතා ප්‍රකාශ කෙළේය. ඊට සාක්ෂි ලෙස ඔහු පවසන්නේ මෙම පුපුරා යෑම ක්‍රමාණුකූල පිපිරීමක් ලෙස දැනට ප්‍රකාශ වී ඇති කරුණු අනුව සහ ඊට අදාල ඇසින් දුටු අයගේ ප්‍රකාශ අනුව තේරුම් යන…

යහපාලනය මේක ද? පුරවැසි සංවිධාන වත්මන් පාලනයෙන් අසයි

මහින්ද රාජපක්ෂ ගේ පාලනය මෙන් වත්මන් පාලනය ද නීතියේ පාලනයෙන් මිදී නැවතත් රට අගාධයට ඇදගෙන යෑමට කටයුතු කරන බවට චෝදනාකරමින් ආණ්ඩුවට එරෙහිව ප්‍රභල ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරසිබලය එක්ව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි යුක්තියට දැනගන්නට තිබේ. මීට ප්‍රධාන වශයෙන් මුල් වී ඇත්තේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා නීතියේ පාලනයක් ස්ථාපිත…

දයාන් ජයතිලකගෙන් ජනාධිපතිට දේශනයක් !

ඉදිරි සතියේ දී, ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය විවේචයනය කරමින් ආචාර්ය දයාන් ජයතිලක, පැවැත්වීමට යන දේශනයට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවීමට ජනාධිපතිවරයාට කළ ආරාධනය පිළිගෙන ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ ගේ විදේශ ප්‍රතිපත්තිය අගයකරන දයාන් ජයතිලක ලවා ජනාධිපතිවරයාට ටියුෂන් පංතියක් පැවැත්වීමේ සැළසුම පිටුපස ආණ්ඩුව තුළ සිටින රාජපක්ෂගේ ගෝලබාලයන් සිටින…

විනිසුරු තිලිණට ඇපදීමට එරෙහිව නීතිපති මහාධිකරණයට

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ලබාගත් ලියාපදිංචි සහතිකයක්‌ උපයෝගි කර ගනිමින් අලියකු තමා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව එල්ලවූ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇප මත මුදාහැරීමට ගංගොඩවිල මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා ඊයේ (02) දුන් නියෝගයට එරෙහිව මහාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත. තිලිණ ගමගේ මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ආණ්ඩුවේ ඉහලම දේශපාලනඥයින් මෙන්ම…

‘‘මීපුර’’කර්තෘට කළ ප‍්‍රහාරය ගැන වහා පරීක්‍ෂණ කළ යුතුය! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

‘‘මීපුර’’ ප‍්‍රාදේශීය පුවත්පතේ සහ වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඞී ගමගේ මහතාට එල්ල වූ මැර ප‍්‍රහාරය හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වහා පරීක්‍ෂණ කොට මැරයන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. 2016 ජූනි මස 2 වැනි දින, මීගමුව නගර සභාවේ මහා සභා රැුස්වීම ආවරණය කොට ආපසු යෑමට සූදානම්ව තම වාහනය අසලට යමින් සිටි…

නැගෙනහිර මහ ඇමතිට නාවික කදවුරෙන් දිවා ආහාරය

සාම්පුර් මහා විදුහලේ උත්සවයකදී නාවික හමුදා නිලධාරියකුට බැන වැදීම නිසා විරෝධයට ලක්ව සිටි නැගෙනහිර මහ ඇමති නෂීර් අහමඩ් මහතා තිකුණාමල නාවික හමුදා කදවුරේදී දිවා ආහාරය ලබාගත්තේය . දැන් දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු කර්මාන්ත හා වෙළෙඳ ඇමති එස් ඊස්වරන් මහතා හා මලික් සමරවික්‍රම මහතා සමග මහ ඇමතිවරයාගේ හමුවීම එහිදී සිදුවිය . ඔහුට නාවික හමුදා කදවුරේදී උණුසුම්…

ආචාර්ය රංග කලන්සුරිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට

ප්‍රවෘත්ති  අධ්‍යක්ෂ ජනරාල්  ලෙස ආචාර්ය රංග කලන්සුරිය පත් කරනු  ලැබ සිටියි. ජනමාධ්‍ය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ආචාර්ය උපාධියක් දිනා සිටින කලන්සුරිය සෝමාදේවී පරණයාපා අභාවප්‍රාප්ත මාධ්‍යවේදීනියගේ පුත්‍රයාය. පියා හිටපු උප දිසාපතිවරයකුව සිටියදී අභාවප්‍රාප්ත විය. රංග කලන්සූරිය මහතා ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනයේ  ප්‍රධාන විධායකවරයා  ලෙස ද කටයුතු කළේය. ඩෙන්මාර්කය මුලස්ථානය කරගත්  ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු  ආයතනයේ…

මහින්දගේ මාධ්‍ය ලේකම් සිංගප්පුරුවෙන් පිටුවහල් කරයි

සීඑස්එන්  නාලිකාවේ හිටපු  සභාපති හා  හිටපු ජනපතිගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට සිංගප්පුරු ගුවන් තොටුපළින් පිටුවහල්  කර  ඇතැයි  එකාබද්ධ විපක්ෂය කියයි. ආසියා රූපවාහිනි විකාශනය සඳහා සහභාගී විමට ඔහු  සිංගප්පුරුවට  ගිය බව කියති. අඟහරුවාද (31) සිංගප්පුරුවට  ගිය ඔහු  පැය තුනක්  තිස්සේ  ගුවන් තොටේ රඳවා  ප්‍රශ්න කිරිමෙන් පසු  පිටුවහල්  කර  ඇති බව වාර්තා වෙයි. ඔහු  පිටුවහල්  කිරිමට හේතුවක් …

මාර්ග තදබදය නිසා බස් ගාස්තු වැඩි කරන්න වෙලා – පෞද්ගලික බස්රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…

ජාතික ගමනාගමන කොමිෂන් සභාව ජුනි මාසයේ දී තමයි බස්රථවල නඩත්තු වියදම, ටිකට් ගාස්තු වැනි දේවල්වල ගණන් මිමි හදන්නෙ. බස්ගාස්තු වැඩි කිරීම ගැන තීරණ තීන්දු ගන්නෙ. අපි පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය වශයෙන් ඉල්ලා සිටියා ඒ ගණන් මිමි ගැන සාකච්ඡුා කරන්න අවශ්‍යයි, ඒ ගැන කටයුතු කරන්න කියල. අපිට ගැටළුවක් තියෙනව දැනට තියෙන මිල සූත‍්‍රය ගැන. දැනට තියෙන…