ඇල්පිටිය පුංචි ඡන්දය පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයන් තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම වහාම පවත්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 2018 වසරේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වූ නමුත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාල ඡන්ද විමසීම නොපැවැත්විණි. ඒ එම පළාත් පාලන ආයතනයේ ඡන්ද විමසීම පැවැත්වීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් වීම හේතුවෙනි. අදාල ප්‍රාදේශීය සභාව සඳහා ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික…
