මහා වැඩ වර්ජනය දිය වෙයි ; සමිති වෙන වෙනම සටන්වල

  අද දින සිට රට පුරා ක්‍රියාත්මක කරන බවට කලින් ප්‍රකශ කොට තිබු අඛණ්ඩ මහා වැඩ ර්වජනය මේ වන විට අත්හැර ඇති අතර එය ප්‍රකාශයට පත්කළ වෘත්තීය සමිති වෙන වෙන ම විරෝධතා ක්‍රියාවල යෙදීමට තීරණය කොට තිබේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තීය සමිති අද සංඛේත වැඩ වර්ජනයක නියැලෙන්නේ ඔවුන්ගේ සේවාවන්ට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. රජයේ…

ඩොලරය තවදුරටත් පහළට. ගැනුම් මිල රු. 310ට බසී

  අද (08) දිනයේ දී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 310 ක් දක්වා ත් විකුණුම් මිල රු. 325 ක් දක්වා ත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. ඊයේ (07) දින සිට බලපැවැත්වෙන පරිදි මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා…

සංචිතත් ඉහළට

2023 පෙබරවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,217ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. මෙය 2023 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 2,121 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 4.5%ක වර්ධනයකි. මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ…

මැතිවරණය කැදෙව්වොත් කල්දමන නඩුවට මෝසමක්

  මැතිවරණ කොමිසම සුදුසු දිනය ලෙස නිර්දෙස කොට ඇති අප්‍රේල් 25 දා පළාත් පාලන ඡන්දය කැඳවුවහොත් ඡන්දය කල් දමන ලෙස ඉල්ලා දැනට මැයි 11 දක්වා කල් දමා ඇති පෙත්සම ඉක්මනින් කැඳවන ලෙස මෝසමක් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි. විශ්‍රාමික කර්නල්වරයකු විසින් ඉදිරිපත් කොට තිබු එම පෙසමේ විභාගය මැයි මාසය දක්වා කල්…

ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත

  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කිහිපදෙනකු විසින් පසුගිය තුන්වැනිදා නිකුත් කරන ලද අතුරු නියෝගය මඟින් පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. එම අතුරු නියෝගය මඟින් මීට අදාළ නීති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට සහ පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනය ශුන්‍ය කිරීමට උත්සාහ දරන අතරම එය රාජ්‍ය මූල්‍ය…

චීනයේ ණය සහතිකය මුල්‍ය අරමුදල පිළිගනී ; සියල්ල සපුරා ඇති බව දන්වයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය දෙන බවට චීනය ඊයේ දුන් ලිඛිත සහතිකය පිළිගෙන ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණය හිමියන්ගේ සියලු සහතික ලැබී ඇති බව අද දන්වා තිබේ. අද දින මුල්‍ය අරමුදල ඒවා ඇති ලිපියක සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 1 දා දෙපාර්ශවය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමේ සියලු කොන්දේසි මේ වන විට සම්පුර්ණ වී ඇති බවයි….

පුංචි ඡන්දය අප්‍රේල් 25 ? බෝලය තේරීම් භාර නිලධාරීන්ට ?

  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩාත් සුදුසු දිනය අප්‍රේල් 25 දා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දීමට මැතිවරණ කොමිසන් සභාව අද තීරණය කොට තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම එම තීරණය ගෙන නැති අතර එහි වගකීම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට පවරා තිබේ. මාර්තු 9 දා පැවැත්වීමට නියමිතව තිබු මෙම මැතිවරණය නොවැලක්විය හැකි හේතු නිසා කල්…

අද කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක්

අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇත. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබේ. රුපියල් බිලියන…

“මම මගේ යුතුකම ඉටු කළා. IMF යුතුකම මාර්තු අවසානයට පෙර ඉටුවනු ඇතැයි අපේක්ෂා කරනවා“ – ජනපතිගේ සම්පූර්ණ ප්‍රකාශය මෙන්න

IMF එකඟතාවය ලැබුණු පසු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුව එය පිළිගන්න, නැත්නම් විකල්පය ඉදිරිපත් කරන්න. රජයේ වත්මන් වැඩපිළිවෙළ කඩාකප්පල් කළහොත් 2022 පෙබරවාරි – මාර්තු පැවැති තත්ත්වයටත් වඩා භයානක තැනකට රට තල්ලු වේවි. -ජනපති පාර්ලිමේන්තුවේ දී අවධාරණය කරයි චීනයේ එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය ඊයේ රාත්‍රියේ ලැබීමත් සමඟ තමා සහ මහබැංකු අධිපතිවරයා අත්සන් තැබූ එකඟතා ලිපිය…

ඡන්දයට දින ගන්න ගිය විපක්ෂය හිස් අතින් ආපසු යයි !

  පළාත් පාලන ඡන්දයට වහා ම දින නියම කරන ලෙස ඉල්ලීමට මැතිවරණ කොමිසන් සභාව වෙත අද ගිය විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලබා ආපසු ගොස් ඇත. අද උදේ මතිවරණ කොමිසම වෙත ගිය මෙම පිරිස වහ ම ඡන්දයට දින ප්‍රකශ කරන ලෙස මැතිවරණ කොමිසමට බලපෑම් කොට ඇතත්, කොමිසම එයට එකඟ වී නැත. එමනිසා කොමිසම තම…

රුපියල තවත් ඉහළට; අද ඩොලරය රුපියල් 315 යි

  රුපියලේ විනිමය අනුපාතිකය අද දිනයේ තවත් ශක්තිමත් වී ඇති අතර අමෙකිරන් ඩොලරයක ගැනුම් මිල රුපියල් 315 දක්වා අඩු වී තිබේ . විවෘත  වෙළෙඳපොළේ මෙන් ම බැංකු ක්‍රමය තුළ ද දක්නට ලැබී ඇත්තේ මේ සමාන තත්ත්වයකි. මේඅතර විනිමය අනුපාත පාලනයට මාර්ග උපදේශ නිකුත් කිරීම මහ බැංකුව විසින් අත්හැර දමනු ලැබ ඇත.  

ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයේ සහතිකය ලැබෙයි

  ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ  එකඟතා සහතිකය ඊයේ ලිඛිතව ලැබී තිබේ. එම ලිපිය ගැන තම එකඟතාව ඊයේ රාත්‍රියේ ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට දන්වා  යැවූ බව ජනාධිපති  රහිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මේ මස තෙවන සතියේ හෝ සිව්වන සතියේ ලැබෙනු ඇති බව ද ජනාධිපතිතුමා…