මැතිවරණය කැදෙව්වොත් කල්දමන නඩුවට මෝසමක්

මැතිවරණ කොමිසම සුදුසු දිනය ලෙස නිර්දෙස කොට ඇති අප්‍රේල් 25 දා පළාත් පාලන ඡන්දය කැඳවුවහොත් ඡන්දය කල් දමන ලෙස ඉල්ලා දැනට මැයි 11 දක්වා කල් දමා ඇති පෙත්සම ඉක්මනින් කැඳවන ලෙස මෝසමක් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තතු දත් දේශපාලන අංශ කියයි.
විශ්‍රාමික කර්නල්වරයකු විසින් ඉදිරිපත් කොට තිබු එම පෙසමේ විභාගය මැයි මාසය දක්වා කල් දමන ලද්දේ මාර්තු 9 දා මැතිවරණය නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙන තත්ත්වයක් තුළ ය.
එම පෙත්සම් විභාගය පවතිද්දී මැතිවරණය කැදවීම නීතිමය ගැටළුවක් විය හැකි බවත්, නඩු විභාගය කලින් ලබා ගැනීමට මෝසමක් ඉදිරිපත් කළ හැකි බවත්, මැතිවරණය කැදවීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ඉල්ලා සිටිය හැකි බවත්, දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
