පුංචි ඡන්දය අප්‍රේල් 25 ? බෝලය තේරීම් භාර නිලධාරීන්ට ?

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වඩාත් සුදුසු දිනය අප්‍රේල් 25 දා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම් දීමට මැතිවරණ කොමිසන් සභාව අද තීරණය කොට තිබේ.
ඒ අනුව මැතිවරණ කොමිසම එම තීරණය ගෙන නැති අතර එහි වගකීම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට පවරා තිබේ.
මාර්තු 9 දා පැවැත්වීමට නියමිතව තිබු මෙම මැතිවරණය නොවැලක්විය හැකි හේතු නිසා කල් ගිය බව මැතිවරණ කොමිසම කියයි.
එම ප්‍රශ්න මේ වන විට විසඳි ඇති බවක් මැතිවරණ කොමිසම කියා නැත.
මැතිවරණය කල් දමන ලෙස ඉල්ලු පෙත්සමක් මෙන් ම එය පවත්වන ලෙස පෙත්සමක් ද අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතියි.
