තීරු බදු රහිත වාහන බලපත් ඉල්ලා පළාත් සභා මන්ත්‍රිවරු නඩු මගට

පසුගිය කාලයේ පළාත් සභාවලට තේරී පත්වී මන්ත්‍රිවරු ලෙස කටයුතු කළ අය අතරින් සුළු පිරිසකට තීරූබදු රහිත වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබා දී තිබියදී ඉතුරු පිරිසට එය ලබා නොදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් බලාපොරොත්තුවන බව පළාත් සභා හිටපු මන්ත්‍රිවරු ප්‍රකාශ කරති. සමානව සැලකීමේ මූලධර්මය උල්ලංඝනය වී ඇතැයි යන පදනමින් මෙම අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීම සඳහා මේ…

ව්‍යවස්ථා අර්බුදයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ආයෝජන විශ්වාසය ඉහළ ගියා – ගෝලීය උපායමාර්ගික උපදේශකයෙක් කියයි

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ඇති වු ව්‍යවස්ථා අර්බුදය මඟින් ප්‍රජාතන්ත්‍රවාදයට මහජනයාගේ ඇති කැපවීම ප්‍රදර්ශනය වු බවත් ඒමඟින් ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ ගිය බවත් ඇමරිකාවේ ගෝලීය උපායමාර්ගික උපදේශක සමාගමක් වන ස්ටැක්ස් (Stax) ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ රුවිඳු පීරිස් මහතා ප්‍රකාශ කළේය. “2018 අර්බුදය මඟින් අපව පරීක්ෂාවට ලක් කළා” එමඟින් ශ්‍රී ලංකාවේ ප්‍රාතන්ත්‍රවාදයේ ශක්තිය ගැන ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ ගියා” යයි…

කැලණි පාලමේ සිට වරායට අධිවේගී මාර්ගයේ වැඩ ඇරඹෙයි

කොළඹ නව කැලණි පාලමේ සිට වරාය දක්වා කුලුනු මත ඉදිවන අධිවේගී ගුවන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ  ආරම්භ විය. කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා මෙන්ම කටුනායක සිට පැමිණෙන වාහනවලට පහසුවෙන් කොටුවට ළඟාවීම සඳහා මෙම මාර්ගය ඉදිවෙයි. මාර්ගයේ ඉදිරිකිරීම් වසර තුනකින් නිමකිරීමට සැලසුම් කොට ඇත. තවත් මෙබඳුම මාර්ගයක් කැලණි පාලමේ සිට…

පාසල් ගොඩනැගිලි 500ක් එකම දින සිසු අයිතියට : විප්ලවීය අධ්‍යාපන සංවර්ධනයේ යෝධ පියවරක්

විප්ලවීය අධ්‍යාපන සංවර්ධනයේ  සුවිශේෂ පියවරක් සනිටුහන් කරමින් වත්මන් රජයේ අධ්‍යාපන පුනර්ජීවණයේ තවත් එක් පියවරක් වන ‘ළඟම පාසල – හොඳම පාසල’  වැඩසටහන යටතේ එකම දින පාසල් ගොඩනැගිලි 500ක් විවෘත කිරීමේ වැඩ සටහනක් පසුගිය 9 වැනිදා (2019 සැප්තැම්බර් 09) දිවයින පුරා පාසල් 500ක දී එකම දින සිදුකරන ලදී. එය ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍ර ඉතිහාසයේ එතෙක් මෙතෙක් නොවු…

අජිත් පී. පෙර්රා, සූජීව සේනසිංහ නිදහසට කරුණු කියති

පක්ෂ විනය කඩ කළ බවට චෝදනා ලැබ සිටින එජාප සජිත් පිලේ ප්‍රබලයන් දෙදෙනකු වන අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ මහත්වරුන් තමන්ට එල්ල වු චෝදනාවට ලිඛිතව පිළිතුරු ලබා දී ඇති බව සිරිකොත ආරංචි මාර්ග කියයි. පක්ෂයේ පරිපාලක ලේකම් වරයා ඊයේ හමු වී ඔවුහු නිදහසට කරුණු අඩංගු ලිපි බාරදී තිබේ. ඔවුන් දෙදෙනාට ඒල්ලවී ඇති චෝදනා හා…

එජාප අපේක්ෂක තේරීම ඔක්තෝබර් මස මුල දී

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තෝරාගැනීම ඔක්තෝබර් මස මුල් සතියේ පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් නිල වශයෙන් සිදු කරනු ඇති බව එම පක්ෂයට සම්බන්ධ ආරංචිමාර්ග ප්‍රකාශ කරයි. මේ වන විට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා කරු ජයසූරිය මහතාගේ නම් මේ සඳහා යෝජනා වී ඇත. සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දැඩි සටනක් කරන…

‘‘අගමැති සමඟ කළ සාකච්ඡාව සුභවාදියි‘‘ – අමාත්‍ය සජිත්ප්‍රේමදාස

එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉතා ධනාත්මක ශුභවාදී සාකච්ඡාවක් කළ බවත් කෙටි කලක් ඇතුළත  සුභවාදී ප්‍රතිපලයක් ලැබෙනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත්ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර  කොළඹ අරලියගහ මන්දිරයේ දී අද රාත්‍රී පැවැති…

රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට ගත්තාට ජනමාධ්‍ය සංගම්වල විරෝධය.

ශ්‍රීලංකා රුපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය විරෝධය එල්ල කර තිබෙනවා. මැතිවරණයක් ආසන්නයේ මෙවැනි පවරා ගැනීමක් සිදුකිරීම මගින් රට තුල බරපතල තත්වයක් නිර්මාණය විය හැකි බවත් ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මේ ආකාරයෙන් අමාත්‍යංශ පවරා ගැනීමට ජනාධිපතිවරයාට නොහැකි බවත් එම සංගම් අවධාරණය කර සිටිති.

රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඊයේ  (9) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය භාරව කටයුතු කරන අතර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගන්නා බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අද (9) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා…

පෙරටුගාමි අපේක්ෂකයා දුමින්ද නාගමුව‍

මේ මැතිවරණයේදී අපිත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනව. අපේ ආදරණීය දුමින්ද නාගමුව සහෝදරයා මේ සමාජවාදි වැඩ පිළිවෙල ඔබ හමුවේ තබන අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා, යනුවෙන් පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අද කොළඹ නව නගර ශාලාවේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැස්වීමකදී ය. එහිදී රැස්වසිටි පිරිස අමතමින් පක්ෂයේ නායක කුමාර ගුණරත්නම් මහතා…

ජනාධිපතිවරණ නාම යෝජනා ඔක්තෝබර් 15-20 ?

ජනාධිපතිවරණ නාම යෝජනා ඔක්තෝබර් 15-20 ?

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාලයේ බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි. ලබන මස 11දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාද්ශීය සභා මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණ නාමයෝජනා භාරගැනීම සිදුවනු ඇත. ඒ සඳහා දින නියම කෙරෙන ගැසට් නිවේදනය මේ මස 30දා නිකුත් කරනු ඇතැයි ද වාර්තා වීය. ඔක්තෝබර් මස 15-20ත්…

2005 ඡන්ද වර්ජනය ගැන සුමන්දිරන් කනගාටුව ප්‍රකාශ කරයි

2005 දී උතුරු නැගෙනහිර දෙමළ ජනයා ඡන්ද වර්ජනයක යෙදීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා එම ජනාධිපතිවරණයෙන් පරාජය වුණු බවත්, එය කනගාටුදායක සිදුවීමක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ප්‍රකාශ කළේය. දෙමළ ජනයාගේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් එලෙස අහිමි වු බවත්, නැවතත් ඒ සඳහා උත්සාහයක් දැරිය යුතු බවත් මන්ත්‍රීවරයා කීය. සුමන්දිරන්…