ජනාධිපතිවරණ නාම යෝජනා ඔක්තෝබර් 15-20 ?

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා බාර ගැනීම ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාලයේ බොහෝ දුරට සිදුවීමට ඉඩ ඇති බව තතුදත් ආරංචි මාර්ග කියයි. ලබන මස 11දා පැවැත්වෙන ඇල්පිටිය ප්රාද්ශීය සභා මැතිවරණයෙන් පසුව ජනාධිපතිවරණ නාමයෝජනා භාරගැනීම සිදුවනු ඇත. ඒ සඳහා දින නියම කෙරෙන ගැසට් නිවේදනය මේ මස 30දා නිකුත් කරනු ඇතැයි ද වාර්තා වීය.
ඔක්තෝබර් මස 15-20ත් අතර දිනක නාමයෝජනා භාර ගතහොත් එතැන් සිට සති හතරත් හයත් අතර කාලයක දී ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුය. එම දිනය නොවැම්බර් 15දා හෝ 23 දා වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කියති. ඒ සඳහා පහසුම දිනය නොවැම්බර් 15දා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා ප්රකාශකොට තිබුණද වෙනත් සියලු කාරණා හා දින ගණන් සැලකිල්ලට ගත්විට එය නොවැම්බර් 23දා වීමට වැඩි ඉඩක් ඇති බව විශ්වාස කෙරෙයි.
