අද කොවිඩ් මරණ 8 යි ; එකතුව 107 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ 8 ක් අද දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය නිවේදනය කරයි. අද සිදු වූ මරණ සියල්ල ම වාර්තා වී ඇත්තේ කොළඹ නගර සභා සීමාව තුලිනි. අද වාර්තා වූ මරණ අටත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ  ගොස් ඇත.

මෛත්‍රීගේ මෛත්‍රිය ගැන හිටපු පොලිස්පති පාස්කු කොමිසමට දුන් අවසන් සාක්ෂිය!

බාහිරින් බලන විට හිටපු ජනාධිපතිවරයා තමන් සමඟ සුහද සම්බන්ධතාවයක් පවතින බව පෙනෙන්නට තිබුණු නමුත් අභ්‍යන්තරිකව තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (26) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවට අවසන් වරට සාක්ෂි දෙමින් පැවසුවේය. පූජිත් ජයසුන්දර මහතා මේ බව සඳහන් කළේ ඔහුගේ සාක්ෂි විභාගය අරඹමින් කොමිසමේ සභාපතිවරයා නගන ලද…

ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ම වැටෙයි : අනාගතය අවිනිශ්චිතයි – ෆිච්ට් රේටින් කියයි

ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව පහළට ම වැටෙයි : අනාගතය අවිනිශ්චිතයි – ෆිච්ට් රේටින් කියයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පියවර දෙකකින් පහත හෙලන බව, ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච්ට් රේටින් ආයතනය අද නිවේදනය කළේ ය . ඒ අනුව , B- ලෙස තිබු ණය ශ්‍රේණිය CCC දක්වා ස්ථාන දෙකකින් පහත හෙලා ඇත. ණය ශ්‍රේණිය CCC දක්වා වැටුණු පසු එම රටේ අනාගත වර්ධනය ගැන කිසිවක් කිව නොහැකි…

කැළණි ගඟ ඉවුරේ කර්මාන්ත 41 කට පරිසර බලපත් නෑ ; බලපත් තහනම් කර්මාන්ත 205 ක් – කෝප් කමිටු රැස්වීමේ දී හෙළිවෙයි

කැළණි ගඟ ඉවුරේ කර්මාන්ත 41 කට පරිසර බලපත් නෑ ; බලපත් තහනම් කර්මාන්ත 205 ක් – කෝප් කමිටු රැස්වීමේ දී හෙළිවෙයි

කැළණි ගඟ ඉවුරේ පවත්වාගෙන යන කර්මාන්ත 41 කට පරිසර බලපත්‍ර නොමැති බවත් , බලපත්‍ර තහනම් කර්මාන්ත 205 ක් ඇති බවත් , හෙළිදරවු වෙයි . පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවෙත් කෝප් කමිටුව ඊයේ පවත් වූ විභාගයක දී මේ කරුණු හෙළිදරවු වී තිබේ. එමෙන් ම මෙම කර්මාන්ත බොහොමයක් අනවසර ඉදිකිරීම් බව ද , එහි දී හෙලිදවූ…

අලුත් මැ.කෝ. සභාපති නිමල් පුංචිහේවා – අල්ලස් කොමිසමේ සභාපති සභාපති ඊවා වනසුන්දර

මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභා 05 ක් සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ. ඒ අනුව සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ නිමල් ජී. පුංචිහේවා මහතායි. එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස එම්.එම්. මොහමඩ්, ගුණපාල වික්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා, කේ.පී.පී. පතිරණ යන මහත්වරුන්…

නිවාස ණය උපරිම පොලිය සියයට 7 යි ; මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

රජයේ හෝ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින් තම දේපළ ඇපයට තබා බැංකුවලින් ලබාගන්නා  ණය සඳහා අයකළ හැකි උපරිම පොලිය සියයට 7 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. බලපත්‍ර ලාබී සියලු බැංකු සඳහා මෙම තීරණය වලංගු වෙයි. මෙම සියයට හතේ අවම පොලිය අඩු තරමින් ණය ගෙවීමේ මුල් වසර පහ සඳහා ලබාදිය…

තවත් කොවිඩ් මරණ තුනක් ; දැන් එකතුව 99 යි

කොවිඩ් 19 වැලදීම නිසා සිදු වූ මරණ 3 ක් පසුගිය දිනය තුල වාර්තා වී ඇත. කොළඹ 8 සහ බම්බලපිටියේ පදිංචි වයස 87 සහ 80 වන පිරිමි දෙදෙනෙක් සහ පෑලියගොඩ පදිංචි වයස 73 ක් කාන්තාවක් මෙසේ මියගොස් තිබේ. මේ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 99 ක් දක්වා ඉහළ  ගියේය.

අදත් කොවිඩ් ආසාදිතයින් 553 ක් ; පොකුර 18,491 ක් වෙයි . සමස්තය 22,022 යි

අදත් කොවිඩ් ආසාදිතයින් 553 ක් ; පොකුර 18,491 ක් වෙයි . සමස්තය 22,022 යි

කොවිඩ් 19 ආසාදිතයින් 553 දෙනකු අද දිනය්යේ ද අලුතින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 18,491 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 22,022 දක්වා ඉහළ ගොස් ඇත. මේ වනවිට කොළඹ ,ගම්පහ ,කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රාශියක් අගුළු දමා ඇත. එයට ඊයේ වනවිට හලාවත සහ අකුරණ ප්‍රදේශ ද එකතු…

ඇහැලියගොඩත් පාසල් වැසේ ; කොවිඩ් රෝගීන් 44 ක් සොයාගෙන

ඇහැලියගොඩ කලාපයේ සියලු පාසල් වසා දැමීමට කටයුතු කොට ඇත. ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවල උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ. පසුගිය පය 24 තුල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 44 දෙනෙක් හඳුනාගැනීම නිසා මෙම තීරණය ගෙන තිබේ.

කල්මුණේ පාසල් සතියක් වැසේ

නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් 21 දෙනෙකු සඳහා කෝවිඩ්- 19 වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග කල්මුණේ අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට(27) සිට සතියක් වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කොට ඇත. ඒ අනුව, එම පාසල් යළි ආරම්භ කරන දිනය පසුව දැනුම්දෙනු ලැබේ. මෙම තත්වය මත…

“ආරක්‍ෂක හා තාක්ෂණ” අමාත්‍යාංශය ජනපති යටතට

පසුගිය දා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතට පවරාගෙන ඇත. මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. ජාත්‍යන්තර විද්‍යුත්…

කොවිඩ් විපතෙන් කුඩා ව්‍යාපාර ගොඩ ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165ක්
|

කොවිඩ් විපතෙන් කුඩා ව්‍යාපාර ගොඩ ගන්න ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 165ක්

කොවිඩ් 19 නිසා විපතට පත් කුඩා ව්‍යාපාරවලට ආධාර කිරීම සඳහා ඩොලර් මිලියන 165 ක මුදලක් රජයට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත් වී සිටියි. මෙම සහන ණය  මුදල ලබාදීමේ ගිවිසුමට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර ලේකම් එස් ආර් ආටිගල සහ ආසියානු සනවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික  නියෝජිත චෙන් චෙන් මහත්වරුන් අත්සන් තැබීම මුදල් අමාත්‍යංශයේ දී සිදුවීය. කොවිඩ් 19…