අලුත් මැ.කෝ. සභාපති නිමල් පුංචිහේවා – අල්ලස් කොමිසමේ සභාපති සභාපති ඊවා වනසුන්දර

මැතිවරණ කොමිසම ඇතුළු කොමිෂන් සභා 05 ක් සඳහා සාමාජිකයන් පත්කර තිබෙනවා. 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම් සිදුකර තිබේ.

ඒ අනුව සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ නිමල් ජී. පුංචිහේවා මහතායි. එම කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස එම්.එම්. මොහමඩ්, ගුණපාල වික්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා, කේ.පී.පී. පතිරණ යන මහත්වරුන් පත්කර තිබෙනවා.

ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පත්කර ඇති අතර එස්. ලියනගම, සංජීව පතිරණ, එම්.එස්.එම්. සම්සුදීන් සහ ප්‍රේමසිරි ප‍්‍රනාන්දු පොලිස් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත්කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජගත් බාලපටබැඳි මහතා පත්කර ඇති අතර එම කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ ඉන්‍ද්‍රානි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය ටී. ආර්. සී. රුබේරු, ඩයන් ගෝමස්, ඩබ්ලිව්. එම්. පියදාස, දිලිත් ජයවීර, හේමා ධර්මවර්ධන හා නිමල් කරුණාසිරි යන අයයි.

ජගත් බාලසූරිය මහතා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂ නවරත්න සහ කුමාර බලල්ල යන අය එහි සෙසු සාමාජිකයෝ වෙති.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය පත්කර ඇත. එම කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස දීපාලි විජේසුන්දර හා චන්‍ද්‍රා නිමල් වාකිෂ්ඨ පත්කර තිබෙනවා.

UN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *