හිටපු ජනපති ණය ප‍්‍රතිව්‍යුහගත කරන්නැයි කල ඉල්ලීමට චීනය, ඉන්දියාව, ජපානය බෑ කිවුවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවේ ණය ප‍්‍රතිව්‍යුහගත කරණය සදහා මැදිහත් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටියේ පසුගිය මාර්තු මස 18 වැනිදා බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි. එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම ඉල්ලීම කර තිබුණේ එවකට මහ බැංකු අධිපතිවරයාගේ නිරේදේශ මත බව ද හෙතෙම පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට දැනුම් දී…

නව විදුලි පනතක් මසකින් හදන්න උපදෙස්

    ලංකා  විදුලි බල මණ්ඩලය කොටක් වෙන් කරමින් සමාගම් ගත කිරීම සඳහා නව පනතක් මාසයක් ඇතුලත සකස් කරන ලෙස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි. එමෙන් ම විදුලි ක්ෂේත්‍රයේ නියාමනය සඳහා වෙනම අධිකාරියක් ඇතිකිරීමට අවශ්‍ය නීති සකස් කිරීම සඳහා වෙන ම කමිටුවක් ද පත්කොට ඇත.

ඇමති සංශෝධනය ණය අනුමත වූ පසු

  අලුතින් ඇමතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ. කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමතිවරුන් දොළොස්…

ජපාන සැහැල්ලු දුම්රිය ණය ගිවිසුම අවලංගු කොට නැහැ

  ජපාන රජයේ සහන ණය ආධාර  යටතේ ඉදිකිරීමට යෝජිතව තිබු සැහැල්ලු දුම්රිය පද්ධතියේ පළමු කොටස ලෙස කොළඹ සිට මාලබේ දක්වා කොටස ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකාව විසින් ඒක පාර්ශවිකව අවලංගු කළ ද , ඒ සඳහා ජපානයේ ජයිකා ආයතනය සමග තිබු ණය ගිවිසුම අවලංගු කොට නැති බව හෙළිදරව් වී ඇතැයි වාර්තා වෙයි. එම ණය මුදල වෙනත් ව්‍යාපෘතියක්…

පොහොට්ටු ඇමැති ලැයිස්තුවෙන් නම් තුනක් ඉවත් කර ගනියි ?

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇමැති තනතුරු සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මුලින් ඉදිරිපත් කළ ලයිස්තුවේ නම් තුනක් මේ වනවිට ඉවත් කරගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ජොන්ටන් ප්‍රනාන්දු , එස් බී දිසානායක සහ නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් එසේ ඉවත් කරගෙන ඇතැයි කියති. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි විරෝධය නිසා මෙලෙස ඇමැති ලැයිස්තුව…

එට්කා සාකච්ඡා නැවතත්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එළඹීමට සැලසුම් කළ ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම හෙවත් එට්කා ගිවිසුම සම්බන්ධයෙන් නැවත වරක් මේ මස අගදී දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව “ද හින්දු” පුවත්පත වාර්තාකරයි. ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයේ නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරු කේ. ජේ. වීරසිංහ මහතා උපුටා දක්වමින් “ද හින්දු” පුවත්පත වාර්තාකර ඇත්තේ මේ සම්බන්ධයෙන් 2016…

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ තවදුරටත් ඉහළට

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට එවනු ලබන විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව නොවැම්බර් මාසයේදී  ඇමෙරිකානු ඩොලර් මිලියන 29කින් ඉහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4ක් වූ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ නොවැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 384.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම අගය 2021 නොවැම්බර් මාසය හා සැසදීදෙී සියයට 42ක වර්ධනයකි….

ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමග එලදායි සාකච්ඡාවක් – IMF ප්‍රධානියාගෙන් සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකාවේ සහ සැම්බියාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එලදායි සාකච්ඡාවක් පැවැත්වු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජියේවා මහත්මිය පවසයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීම සඳහා චීන නායකයින් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇය මේ බව සඳහන් කර ඇත. චීනයේ, අන්හුයි පළාතේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සහ චීන බලධාරීන් අතර මෙම සාකච්ඡාව පත්වා තිබේ. සාකච්ඡාව සම්බන්ධයෙන්…

ඉහළ ආදායම් ලබන සියයට 10 න් බදු ගන්නේ පහළ සියයට 50 කට සහන දෙන්නයි – මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය

රජය ආදායම් බදු පනවන්නේ රටේ ඉහළ ආදායම් ලබන සියයට 10 කට බවත් , එසේ කිරීමට සිදුව ඇත්තේ අඩු ආදායම් ලබන සියයට 50 කට පමණ සහන ලබාදීමට බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යය රන්ජිත් සියඹලාපිටිය මහතා ඊයේ පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රුපියල් ලක්ෂයකට වැඩි ආදායම් ලබන්නේ රටේ ජනගහනයෙන් සියයට…

|

ජනාධිපතිගේ මුදල් ඇමැති ධුරය ර්හෂට දෙන්න කැමති බව රාජ්‍ය ඇමැති සේමසිංහ කියයි

    ජනාධිපතිතුමා දරන මුදල් ඇමති ධුරයේ වගකීම භාරගෙන එම කටයුතු ඉටු කරන ලෙස මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය ර්හෂ ද සිල්වා මහතාට ඊයේ ආරාධනා කළේය. දේශීය ආදායම් බදු පනතේ යෝජනාවලට ර්හෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ විකල්ප යෝජනා පිලිබඳ ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමැති සේමසිංහ මහතා මෙම ඉල්ලීම…

|

මගේ ව්‍යාපාරවලට ප්‍රචාරය දුන්නාට ජනාධිපතිතුමාට ස්තුතියි – උපයෝගිතා කොමිසමේ සභාපති

  තමන්ගේ ව්‍යාපාරවලට ලබාදුන් ප්‍රසිද්ධියට ජනාධිපතිතුමාට ස්තුති කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ලෙස තම හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අසත්‍ය තොරතුරු ලබාදීමක් සිදු වී ඇති බව ඒ මහතා කියයි. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව තවමත් මහජන උපයෝගිතා කොමිසමට ලැබී නැති බවත්, කෙසේ වෙතත්, විදුලි…

සැහැල්ලු දුම්රිය නැවත දෙන්න ජපානයේ කැමැත්ත

  ජපාන රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීමට සුදානම්ව නවතා දැමුණු කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට ජපාන රජය කැමැත්ත පළ කර ඇත. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල එකඟතාවය ලද විගස නැවත එය ක්‍රියාත්මක කළ හැකි බව ජපන් තානාපති මිසුකොෂි හිදෙනකි මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන්…